ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
විසිපන්දාහේ දඩයට එරෙහිව මහනුවර ත්‍රීරෝද විරෝධය
මාර්ග නීති කඩකිරීමේදී ප්‍රධාන වැරදි හතක් වෙනුවෙන් රුපියල් 25,000ක ස්ථානීය දඩ මුදලක් පැණවීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළකරමින් මහනුවර ත්‍රීරෝද රථ රියදුරෝ අද (දෙසැ. 01) වීදි බැස සිටියහ.
මෙම පිරිස බෝගම්බර ක්‍රීඩාංගණයේ සිට මහනුවර නගර මධ්‍යය දෙසට සටන් පාඨ කියමින් පෙළපාලියේ ගමන් කළහ.
මෙම විරෝධතාව සංවිධානය කරනු ලැබ තිබුණේ මහනුවර ත්‍රිරෝද රථ රියදුරන්ගේ මහා සංගමය විසිනි.
මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මහනුවර ත්‍රිරෝද රථ සංගමයේ සභාපති ප්‍රියදර්ශන රූපසිංහ ප්‍රකාශ කළේ මෙම විරෝධතාව මුළු මධ්‍යම පලාතටත් ඉන් අනතුරුව දීපව්‍යාප්තව දීර්ඝ කිරීමටත් කටයුතු කරන බවය.