ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නික්මෙන තායි රජුට සුදු ඇතුන්ගෙන් බුහුමන්
දිවියෙන් සමු ගත් තායිලන්ත රජුට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණෙමින් සිටින ශෝකයට පත් ජනයා අතර වෙනත් ආකාරයේ අමුත්තන් පිරිසක් ද දැක ගත හැකි විය.
තායිලන්ත රජුගේ දේහය තැන්පත් කරනු ලැබ තිබෙන බැංකොක් නුවර පිහිටි රාජකීය මාලිගය අබියසට පැමිණි හස්ති රාජයන් නව දෙනෙක් රජතුමා වෙත අවසන් ගෞරව දැක්වූහ.
විශේෂයෙන් තෝරා ගන්නා ලද හස්ති රාජයන් අතර සුදු ඇතුන් හත් දෙනෙක් සහ සුදු වර්ණාලේපිත සාමාන්‍ය ඇතුන් දෙදෙනෙක් ද වූහ.
දිවියෙන් සමුගත් භූමිපාල් අතුල්තේජ් රජු වෙත හස්ති රාජයෝ දණ නමා ආචාර කළහ.
වත්මන් ලෝකයේ වැඩිම කලක් සිහසුන දැරූ පාලකයා වූ භූමිපාල් අතුලතේජ් රජතුමා වසර 70 ක කාලයක් තායිලන්තයේ ජනතාව අතර ගරු බුහුමන් ලබමින් පාලනය ගෙන ගියේය.
මිය යන විට ඔහු අසූ අට වැනි වියේ පසු විය.
තායිලන්ත ජනතාව විසින් සුදු ඇතුන් පූජනීයත්වයේ ලා සලකනු ලබන අතර බලය පිළිබිඹු කරන රාජකීය සංකේතයක් ලෙසත් සුදු ඇතුන් යොදා ගන්නා බව තායිලන්ත වන අලි සංරක්ෂණ මධ්‍යස්ථානය කියා සිටියේය.