ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රජුගේ අභාවයෙන් තායිලන්තය ශෝකයෙන්
තායිලන්තයේ අභාවප්රාප්ත භූමිපාල් අතුලතේජ් රජතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දහස් ගණන් ජනතාව කළු ඇඳුමෙන් සැරසී බැංකොක් අගනුවරට පැමිණෙමින් සිටින බව වාර්තා වෙයි.
රජතුමාගේ දේහය ඔහු ප්රතිකාර ලබමින් සිටි රෝහලෙන් ගෙන ගොස් ඇති බව ද එම වාර්තාවල දැක්වේ.
තායි වැසියෝ සිය රජතුමාට අවසන් ගෞරවය දැක්වීම සඳහා නිහඬව සහ සන්සුන්ව දේහය ගෙන ගිය මාර්ගය දෙපස එක්රැස්ව සිටියහ.
අද (ඔක්. 14) තායිලන්තයේ නිවාඩු දිනයක් ලෙස රජය විසින් ප්රකාශයට පත් කරනු ලැබ තිබෙන අතර රට පුරා විනෝද උත්සව සහ ක්රීඩා වැඩසටහන් සියල්ල අවලංගු කර ඇත.
වත්මන් ලෝකයේ වැඩිම කලක් සිහසුන දැරූ පාලකයා වූ භූමිපාල් අතුලතේජ් රජතුමා වසර 70 ක කාලයක් තායිලන්තයේ ජනතාව අතර ගරු බුහුමන් ලබමින් පාලනය ගෙන ගියේය.