ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
''ආවා ගෲප්'' : කප්පම් නොදුන් ව්‍යාපාරිකයාට ප්‍රහාරයක් - පොලිසිය
''ආවා ගෲප්'' නමින් හඳුන්වනු ලබන කණ්ඩායමට කප්පම් ලබාදීම ප්‍රතික්ෂේප කළ යාපනයේ කොණ්ඩාවිල් ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු (ඔක්.31) රාත්‍රියේ තියුණු ආයුධවලින් කපා තුවාල සිදු කොට ඇති බව යාපනය පොලිසිය පවසයි.
කඩු සහ පිහි රැගෙන යතුරුපැදි දෙකකින් පැමිණි සිව් දෙනෙකු ව්‍යාපාරිකයාට පහරදී වෙළෙඳසැලට හානි සිදු කිරීමට සූදානම් වූ බවත් අසල මාර්ගයේ ජීප් රථයක් ගමන් කිරීමත් සමග ප්‍රහාරකයන් පළාගිය බවත් වෙළෙඳසැලේ සේවකයෙකු කියා සිටි බව යාපනය පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
පළායන අවස්ථාවේදී එම පුද්ගලයන් විසින් ව්‍යාපාරිකයාට කඩුවකින් පහර දෙනු ලැබ ඇති බවත් යාපනය පොලිසිය කියා සිටියේය.
මේ අතර වන්නි ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා මාධ්‍යවේදීන්ට පැවසුවේ ''ආවා ගෲප්'' කල්ලිය මංකොල්ලකෑමේ නිරත කණ්ඩායමක් බවට පොලිසිය සහ ආරක්ෂක අංශ විසින් හඳුනා ගෙන ඇති බවය.
''ආවා ගෲප්'' නමින් හඳුන්වනු ලබන කණ්ඩායමේ බලපෑම යාපනය, කිලිනොච්චිය හා මුලතිව් යන පළාත්වලට පමණක් සීමා වී ඇති බව පැවැසූ ආරක්ෂක ප්‍රධානියා එම තත්ත්වය ඉතා ඉක්මනින්ම මැඩ පැවැත්වීමට ක්‍රියා කරන බවත් අවධාරණය කළේය.