ශ්‍රී ලංකාව අපේ සමීපතම මිත්‍රයෙක් - මෝදි

"ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ද්විපාර්ශ්වීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කැප වනවා,"

ඡායාරූප මූලාශ්‍රය, Narendra Modi/Twitter

ඡායාරූප ශීර්ෂ වැකිය, "ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ද්විපාර්ශ්වීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කැප වනවා,"
Published

ඉන්දියාවේ නිල සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්විණ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ද්විපාර්ශ්වීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කැප වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයක දැක්වේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග පැවති හමුව සම්බන්ධයෙන් සතුට පළ කරන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින සමීප මිත්‍රත්වය අගය කරයි.

බ්‍රික්ස් - බිම්ස්ටෙක් (BRICS - BIMSTEC) සමගාමී සමුළුවට සහභාගි වීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගෝවාහීදී හමු වූ බව ශ්‍රී ලංකා ජනාධිපති මාධ්‍ය කාර්යාලය පවසයි.