ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ආර්ථික හා සමාජයීය අයිතීන් තහවුරු කෙරෙන නව ව්‍යවස්ථාවක්'
ජනතාව අතර සැබෑ ලෙස බලය බෙදාහැරීමක් සිදු කිරීමට නම් නව ව්‍යවස්ථාවෙන්, ජනතාවගේ ආර්ථික සාධාරණත්වය හා සමානාත්මතාවය තහවුරු විය යුතු බව මහජන ව්‍යවස්ථාවක් සඳහා ක්‍රියාකාරිත්වය පවසයි.
යෝජිත නව ව්‍යවස්ථාව තුළින් ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමට කටයුතු කරන අතරවාරයේ ආර්ථික සාධාරණත්වය ඇති කිරීමටද කටයුතු කළ යුතු බවයි සිවිල් සංවිධානවල එකමුතුවෙන් පිහිටුවා ගෙන ඇති මහජන ව්‍යවස්ථාවක් උදෙසා ක්‍රියාකාරිත්වය පෙන්වා දෙන්නේ.
අඟහරුවාදා කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවති එම සංවිධානයේ රැළියක් අතරතුර එහි ක්‍රියාකාරී සාමාජිකයකු වන සඳුන් තුඩුගල බීබීසීයේ කොළඹ වාර්තාකරු අසාම් අමින් සමග සාකච්ඡාවකට එක් විය.