ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'අපේ එල්මෝට අපේ ආචාරය'
පුරා දශක දෙකකට අධික කාලයක් බීබීසී ලෝක සේවයේ 'සංදේශය' ඔස්සේ 'කොළඹ සිට' ඔබ ඇමතු අපේ මාධ්‍ය සගයා එල්මෝ ප්‍රනාන්දු දිවියෙන් සමුගැනීම අප සටහන් කරන්නේ බලවත් සංවේගයෙනි.
1967 වසරේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් මාධ්‍ය ජීවිතය ඇරඹි ඔහු පිලිපීනයේ වෙරිටාස් ගුවන් විදුලි සේවයට සම්බන්ධ වී කලක් සේවය කළ අතර 1993 වසරේ සිට බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ (බීබීසී) යේ කොළඹ වාර්තාකරු ලෙස වසර විස්සක් පමණ කටයුතු කළේය.
පැලැවත්ත බත්තරමුල්ල අරුප්පිටියේ අංක 314 බී නිවසේ තැන්පත් කර ඇති ඔහුගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද සවස හතරට පැලවත්ත රෝමානු කතෝලික දේවස්ථානයේ සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.