ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාද යාත්‍රාව හොරු රකින්නද? - නාමල්ගෙන් පිළිතුරු
ඒකාබද්ධ විපක්ෂයට බොරු චෝදනා එල්ල කොට ජනතා ප්‍රශ්න යට ගැසීමේ උත්සාහයක ආණ්ඩුව නිරත වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ චෝදනා කරයි.
ඔහු ඒ බව කියා සිටියේ සොරුන් රැකීමට පාද යාත්‍රාවේ යෙදෙන බවට ආණ්ඩුවේ ඇතමුන් කරන චෝදනාවලට ප්‍රතිචාර දක්වමිනි.
මෑත කාලයේ සිදු වූ බව පැවසෙන ඇතැම් මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ආණ්ඩුවේ විවිධ පිරිස් එකිනෙකාට චෝදනා කර ගන්නා ස්වභාවයක් දක්නට ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවට එක් වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ බීබීසීයේ අසාම් අමීන් සිදු කළ විමසීමකදී.
ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන්ට චෝදනා එල්ල වුවත් ඔවුන් එම චෝදනාවලට වරදකරුවන් වී නොමැති බවත් ඔහු පැවසීය.
ශ්‍රී ලංකා පොලිස්පතිවරයා ආණ්ඩුවේ අවශ්‍යතාව අනුව කටයුතු කරමින් සිටින බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා චෝදනා කළේය.
පසුගිය ආණ්ඩු සමයේ මෙන් පොලිසිය දේශපාලන උවමනාවන් මත කටයුතු නොකරන බවයි පොලිස්පතිවරයා පසුගියදා කියා සිටියේ.