'පාද යාත්‍රාව' පේරාදෙණියෙන් ඇරඹෙයි

පාද යාත්‍රා
ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිස ගැ‍ටඹේ විහාරස්ථානයට ගොස් ආගමික වතාවත් හි නිරතවීමෙන් පසු නිල වශයෙන් පාගමන ආරම්භ කෙරිණි

ඒකාබද්ධ විපක්ෂයේ විසින් සංවිධානය කරන ලද පාද යාත්‍රාව අද (28) වැනිදා උදේ පේරාදෙණිය පාලම අසලින් ආරම්භ කෙරිණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැමිණීමෙන් පසු ඒකාබද්ධ විපක්ෂය ට සම්බන්ධ පක්ෂ නායකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සහ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයින් ඇතුළු පිරිස් ගැ‍ටඹේ විහාරස්ථානයට ගොස් ආගමික වතාවත් හි නිරතවීමෙන් පසු නිල වශයෙන් පාගමන ආරම්භ කෙරිණි.

'පාද යාත්‍රාව' පේරාදෙණියෙන් ඇරඹෙයි

මේ වනවිට කොළඹ නුවර මහාමාර්ගයේ ඉදිරියට ඇදෙමින් පවතින පාද යාත්‍රාව සඳහා විශාල සහභාගිත්වයක් පවතින බව මාධ්‍ය මගින් වාර්තා කර තිබේ.

අද මහනුවර නගරයෙන් ආරම්භවීමට නියමිතව තිබූ මෙම පාගමන අධිකරණ තීන්දුවක් හේතුවෙන් මහනුවර නගරයට පිටතින් පිහිටි ස්ථානයකින් ආරම්භ කිරීමට සිදුවූ බවයි සංවිධායකයන් පවසන්නේ.

මාධ්‍යයට අදහස් දක්වමින් සංවිධායකයින් පැවසුවේ කුමන බාධක පැමිණියත් අගෝස්තු මස පළමු වැනිදා වනවිට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සමග කොළඹ නගරයට පැමිණෙන බවයි.

සේයා රූ - ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න