'රු.750ක් ගෙවා මන්ත්‍රීගේ වත්කම දැන ගත හැකියි'

මැති ඇමතිවරුන්ගේ දේපළ සහ වත්කම් හෙළිදරව් කර ගැනීමෙන් පසු ඒවා ප්‍රසිද්ධ කිරීමට සහ ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ කතා බහ කිරීමට පුරවැසියන්ට අවසර ලබා දිය යුතු බව සිවිල් ක්‍රියාධරයෝ ඉල්ලා සිටිති.
රුපියල් 750ක් වැනි මුදලක් ගෙවා ඕනෑම මැති ඇමතිවරයෙකු ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශයක් නිල වශයෙන් ලබා ගැනීමට පුරවැසියන්ට දැනටමත් අයිතියක් ඇති බවයි ට්‍රාන්ස්පෙයරන්සි ජාත්‍යන්තරයේ (ශ්‍රී ලංකා) ජ්‍යෙෂ්ඨ කළමනාකරු ශාන් විජේතුංග පවසන්නේ.
තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කරමින් සම්මත වූ පනත හරහා මෙම හිදැස පිරවීමක් සිදු නොවේදැ'යි බීබීසීයේ තිසර රතුවිතාන විමසූ විට ඔහු කියා සිටියේ එම පනත හරහා ලබා ගන්නා තොරතුරුවලින් ප්‍රතිඵල නෙලා ගැනීමට නම් 'විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය' සඳහා ආණ්ඩුව එකඟ විය යුතු බවයි.

'විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය යටතේ ආණ්ඩුවක් සිවිල් සංවිධාන සමඟ ගිවිසුමකට එළඹෙනවා. මේක ලෝකයේ බොහෝ තැන්වල සිදු වෙනවා. ඉන්දියාව වැනි අපේ අසල්වැසි රටවලත් මේ දේ සිදුවෙනවා. අපට ඒ හැකියාව නැහැ. ඉතින් අපි බලපෑම් කරන්නේ, මේ වත්කම් බැරකම් ප්‍රකාශන ලබා ගත්තට මදි, ඒවා ප්‍රසිද්ධ කරන්නත් ඒ ගැන සංවාද කරන්නත් ජනතාවට අවස්ථාව තිබිය යුතුයි කියල.' ශාන් විජේතුංග පැවසීය.
මේ අයිතිය ලබා ගැනීම සඳහා මැති ඇමතිවරුන් පිරිසක් සමඟ මීට පෙරද සාකච්ඡා කළ නමුත් ඊට එකඟතාවය පළ කළේ මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකු පමණක් බව ඔහු හෙළිදරව් කළේය.




