සටනට බැස්සේ ආපසු හැරෙන්න නොවෙයි -වෛද්‍යවරු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ආණ්ඩුවෙන් ධනාත්මක ප්‍රතිචාරයක් නොලදහොත් ශ්‍රී ලංකාව පුරා ඇති සියලු රෝහල් සම්බන්ධ කර ගනිමින් අඛණ්ඩ වැඩවර්ජනයක් සඳහා ලබන සතියේ තීන්දු තීරණ ගන්නා බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මේ පිළිබඳව තීරණය ගැනීම සඳහා මධ්‍යම කාරක සභාව හදිසි රැස්වීමක් කැඳවා ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත්.
'අපි මේ සටනට බැස්සේ සිදුවන ඕනෑම අභියෝගයකට කරදරයකට මුහුණ දෙන්න සුදානම් වෙලා. ආපසු හැරීමක් නැහැ. ඉදිරියේදී වෙනත් සේවාවල වෘත්තීය සමිතිත් එකතුවෙන්න පුළුවන් ඇමතිවරයා ඉවත් කරන්න කියල.' ඔහු මේ බව කියා සිටියේ බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සංවාදයකට එක්වෙමිනි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් වාදය අවසන් විය යුතු බවත් එසේ නොවන්නේ නම් මීළඟ පියවර වන්නේ ඇමතිවරයා ඉවත් කිරීම බවට ලේකම්වරයා අනතුරු අඟවයි.
'සිදු වියයුතු මුලිකම කාරණය වෛද්‍යවරුන්ගේ පත්වීම් සහ මාරු වීම් වලට කෙරෙන දේශපාලන බලපෑම නතර විය යුතුයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් වාදය අවසන් විය යුතුයි. ඉන්න සෞඛ්‍ය අමාත්‍යවරයා නිවැරදි කරලා හදා ගන්නත් පුළුවන්. නිවැරදි කිරීම අපහසුනම් ඔහු ඉවත් කිරීම තමයි ඊළඟ පියවර.' ඔහු අනතුරු ඇඟවීය.
වෛද්‍යවරුන්ගේ පශ්චාත් සීමාවාසික පත් කිරීම් ලැයිස්තු සකස් කිරීමේ දී සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න කිසිදු බලපෑමක් සිදු නොකළ බව සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල සඳුදා පැවසා තිබුණි.
ඒ සම්බන්ධයෙන් විමසීමේදී වෛද්‍ය නලින්ද හේරත් කියා සිටියේ අමාත්‍යවරයාගේ අවශ්‍යතාව මත සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එවැනි ප්‍රකාශයක් සිදු කළ බවයි.








