ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ඉස්සන් ගොවිපළෙන් කඩොලාන සම්පත බේරාගමු'
රජයේ යෝජිත ඉස්සන් ගොවිපළක් හේතුවෙන් ප්‍රදේශයේ කඩොලාන පරිසර පද්ධතියට හානි සිදු වන බව පවසමින් මඩකලපුව දිස්ත්‍රික්කයේ වාකරේ ජනතාව සඳුදා විරෝධතාවක යෙදුනහ.
කඩොලාන සම්පතට හානි සිදු වීම කලපු ආශ්‍රිත ධීවර කර්මාන්තයට සහ සිය දෛනික ජීවිතයට බලපානු ඇති බවයි ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙන්නේ.
'ගොවිපළ හරහා රසායන ද්‍රව්‍ය මිශ්‍ර ජලය කලපු වතුරට එකතු විය හැකියි. ඒ නිසා කඩොලාන සම්පත විනාශ වී යෑමේ ඉඩකඩක් පවතිනවා. ඉස්සන්,කකුළුවන් ඇතුළු ජලජ සම්පත් ප්‍රජනනය වීමට කඩොලාන සම්පත ආරක්ෂා විය යුතුයි.' ප්‍රාදේශීය වෙරළාරක්ෂක කණ්ඩායමේ ප්‍රධානී මයිල්වාගනම් තවරාජා පැවසීය.
රජයේ ව්‍යවසාය සංවර්ධන ආයෝජන සැලැස්ම යටතේ ජලජ සම්පත් අධිකාරිය විසින් පනිච්චන්කර්නි කලපුව අවට යෝජිත ඉස්සන් ගොවිපළ සඳහා ස්ථාන හඳුනා ගනු ලැබ තිබේ.
''අනෙක් කාරණය නම් ගොවිපොළ පිහිටුවීමට යෝජිත ඉඩම ගවයන් සඳහා වූ තන බිම් ප්‍රදේශයක්. ගවයන් සඳහා වෙන් කළ ප්‍රදේශය නැති වූ විට සතුන් යවන්නේ කුමන ප්‍රදේශයකටද? මෙවැනි ගොවිපොළවල් නිසා ප්‍රශ්න පැන නැගුණු වෙනත් ප්‍රදේශ පිළිබඳ පුවත් අපට ආසන්න ලැබී තිබෙනවා. ඒ නිසයි අපි ගැටළු පැන නැගෙන්න පෙර ඒවා වළක්වන්න උත්සාහ කරන්නේ.''
''මේ ගොවිපළෙන් ගමේ සියල්ලන්ටම රැකියා අවස්තා ලැබෙන්නෙත් නැහැ. කලපුවේ රැකියා කිරීමට නොහැකි විටදී මිනිසුන්ට ගමෙන් පිට වී වෙනත් ගම්මාන වෙත යාමට සිදු වේවි.'' උද්ඝෝෂණයට එක් වූ ගම්වැසියෙක් සඳහන් කළේය.
ඉස්සන් වගාව සඳහා හඳුනා ගත් ස්ථානවල මැනීම් කටයුතු සඳහා රජයේ නිලධාරීන් එහි පැමිණීමට නියමිතව තිබූ බැවින් උද්ඝෝෂණය සංවිධානය කළ බවයි ප්‍රදේශවාසීන් කියා සිටියේ.
මඩකලපුව ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ පනිච්චන්කර්නි පාලම හරස් කොට පැවති උද්ඝෝෂණය හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වූ බවයි ශාන්ති සෙල්වදොරේ බීබීසී සංදේශයට වාර්තා කළේ.
උද්ඝෝෂණය පැවති ස්ථානයට පැමිණි වාකරෙයි ප්‍රාදේශීය ලේකම්වරිය අදාළ කරුණ දිසා ලේකම්වරියගේ අවධානයට යොමු කර ඇති බවයි කියා සිටියේ.