දේශීය හා පාසල් ක්‍රිකට් නංවන්න මහේල

ඡායාරූප මූලාශ්‍රය, AFP
ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් තරග ව්‍යුහය හා පාසැල් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා තම සහය ලබාදීමට හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන එකඟතාව පළ කර තිබෙන බව වාර්තාවේ.
ඔහු මෙම ප්‍රතිචාරය දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් හා පාසැල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ නංවාලීමට උපකාරී වන ලෙස ක්‍රීඩා අමාත්‍යංශය කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්.
මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් පිළිබඳ උපදේශක තනතුරකට පත්කිරීමට පියවර ගෙන ඇති බව ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක පැවසූ බව ඊයේ මාධ්‍ය වාර්තාද පළවී තිබුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නව මගකට ගෙන ඒම සඳහා හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණිගේ ප්‍රධානත්වයෙන් හෙට සිට පත්කෙරන ක්‍රිකට් අතුරු කමිටුවට සමගාමිවයි මහේලගේ සහයද ලබාගැනීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබෙන්නේ.
ලෝක කුසලානයට පෙර බිබිසියේ කොළඹ වාර්තාකරු අසාම් අමින් සමග සාකච්ඡාවකට එක්වෙමින් මහේල ජයවර්ධන පැවසුවේ "අවශ්‍ය කරන වාතාවරණය සැකසුනහොත්" ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමට ඕනෑම උපකාරයක් කිරීමට තමන් සුදානම් බවයි.
මේවනවිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටින මහේල ජයවර්ධන ඉදිරියේදී එංගලනත්යේදී හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත්වෙන දේශීය විස්සයි විස්ස තරගාවලි සඳහා සම්බන්ධ වීමට නියමිතයි.




