පේලේ අනුස්මරණය: ලෝක පාපන්දු ක්‍රීඩාවේ 'රජු'
ලෝක ඉතිහාසයේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයෙකු වූ 82 හැවිරිදි පේලේ, දෙසැම්බර් 29 දා බ්‍රසීලයේ දී අභාවප්‍රාප්ත විය.
තෙවරක් ලෝක කුසලානය දිනූ මේ ක්‍රීඩකයා, තම රසිකයින්ට සහ තම වයස සම්බන්ධයෙන් දෙවියන්ට ස්තුති කිරීමට පසුගිය ඔක්තෝබර් මාසයේදී රෝහලේ සිට මාධ්‍යයට කතා කළේ ය.
1940දී, අග්නිදිග බ්‍රසීලයේ දිළිඳු පවුලකට උපත ලැබූ පේලේ, දුප්පත්කම විඳදරා ගනිමින් පාපන්දු ක්‍රීඩාවේ විශිෂ්ටත්වය අත්කර ගැනීමට සමත්විය.
පේලේ නම් පාපන්දු පුරාවෘත්තයේ අමතක නොවන අවස්ථා කිහිපයක් මෙම වීඩියෝවේ අන්තර්ගත වේ.


