ක්‍රිකට් ලෝක කුසලානය: ශ්‍රී ලංකාව ප්‍රබල එංගලන්ත කණ්ඩායම පරාජය කරයි

Sri Lankan Fans

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, Sri Lankan Fans

2019 ක්‍රිකට් ලෝක කුසලානයේ ප්‍රබලතම කණ්ඩායම බව සැළකෙන සත්කාරක එංගලන්ත කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

තියුණු තරඟයකින් අනතුරුව, එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ලෝකයේ අංක 1 ස්ථානයේ සිටින එංගලන්ත කණ්ඩායම ලකුණු 20 කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

මුලින් පන්දුවට පහර දෙමින් ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 85 ක් රැස් කළ අතර, කණ්ඩායම ලබාගත් ලකුණු 232 ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

ලොකුම පෙරළිය

ලසිත් මාලිංග සහ ධනංජය ද සිල්වාගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් එංගලන්ත ඉනිම ලකුණු 212 කට සීමාවිය.

ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන් විචාරකයන් ශ්‍රී ලංකාවේ මෙම ජයග්‍රහණය හඳුන්වන්නේ මෙවර ලෝක කුසලානයේ ලොකුම පෙරළිය ලෙසිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ගැන සමාජ ජාල ඔස්සේ බොහෝ ප්‍රතිචාර පළවෙමින් තිබේ.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

Skip X post, 2

End of X post, 2

මෙම ජයග්‍රහණයත් සමග දශක දෙකක කාලයක් ලෝක කුසලාන තරඟවල එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවේ අපරාජිත වාර්තාව ඉදිරියටත් තබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටී.

තරඟයේ වීරයා ලෙසින් සම්මාන ලැබූ ලසිත් මාලිංග අදහස් දක්වමින් ජයග්‍රහණයෙන් ලැබූ පන්නරය සමඟ ඉදිරි තරඟවලට මුහුණදීම කණ්ඩායමේ අභිලාශය බව කියා සිටියේය.

2014 දී ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගත් අවස්ථාවේ පුහුණුකරු ලෙස කටයුතු කළ පෝල් ෆාබ්‍රේස් පවසන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම යනු ආත්ම විශ්වාසය මත ඉදිරියට යන කණ්ඩායමක් බවය. මුලින්ම එංගලන්ත කණ්ඩායමේ කඩුලු දෙකක් දවා ගැනීමෙන් අනතුරුව තරඟය ජයග්‍රහණය කිරීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකාව විශ්වාස කළ බවත් ඔහු කියා සිටියේය.