දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකාවට "ඓතිහාසික" ටෙස්ට් ජයක්

කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 84ක් ලබාගත් අතර ඕෂධ ප්‍රනාන්දු ලබාගත් ලකුණු සංඛ්‍යාව 75කි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කියවීමේ කාලය: මිනිත්තු 1

සත්කාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම කඩුලු අටකින් පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ටෙස්ට් තරගය ද ජයග්‍රහණය කළේය. ඒ අනුව දෙරට අතර තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට හිමි වුණේ තරග 2-0 ක් ලෙසිනි.

ඒ සමගම දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක් එරට තුළදී ටෙස්ට් තරඟාවලියකින් පරාජය කළ ප්‍රථම ආසියානු කණ්ඩායම බවට ශ්‍රී ලංකා කණ්ඩායම පත්විය.

අද (පෙබ 23) පොර්ට් එලිසබෙත් හි පැවති දෙවන තරඟය ජය ගැනීම සඳහා ලකුණු 197ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකක් පමණක් දැවී අවශ්‍ය ලකුණු ගණන ලබා ගත්තේය.

කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 84ක් ලබාගත් අතර ඕෂධ ප්‍රනාන්දු ලබාගත් ලකුණු සංඛ්‍යාව 75කි.

ඔවුන් දෙදෙනා තෙවන කඩුල්ල වෙනුවෙන් එක් කළ ලකුණු සංඛ්‍යාව 163කි.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 222ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 154 කට දැවී ගියහ.

ඉන්පසු දක්ෂ පන්දු යැවීමක නිරත වූ සුරංග ලක්මාල් සහ ධනන්ජය ද සිල්වා සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමේ දෙවන ඉනිම ලකුණු 128 කට සීමා කළහ.

තරඟයේ දෙවන දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 60 ලබා සිටියේය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයකින් නිකුත් කළ හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, ශ්‍රී ලංකාවට මෙන්ම ආසියාවට ද ඓතිහාසික ජයක් ගෙන එම වෙනුවෙන් කණ්ඩායම සුබ පතන බව පැවසීය.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක හා හිටපු බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන්නෙකු වූ ඉයන් බිෂොප්, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසකගෙන් තොරව වුවද, ජය ගැනීම අසීරු බිමක මෙවන් ජයක් ලද පළමු ආසියානු කණ්ඩායම වීම ගැන ශ්‍රී ලංකා පිලට සුබ පැතුම් එක් කළේය.

මේ තොරතුරු ද දැනගන්න: