සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉරිදා (ජුනි 02) ගාල්ලේ පැවති දෙවන එක්දින තරගයෙන් සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඕවර 33 පන්දු 04 ක් තුළ කඩුලු සියල්ල දවා ගනිමින් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 155 ට සීමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.
සිය මංගල එක්දින තරගයේ දී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට වනිඳු හසරංග සමත් වූ අතර ලක්ෂාන් සඳකැන් දවා ගත් කඩුලු සංඛ්‍යාව 04 කි.
ලකුණු 156 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 30 පන්දු 01 අවසානයේ කඩුලු 03 ක් පමණක් දැවී ජයග්‍රහණය අත් කර ගැනීමට සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උපුල් තරංග නොදැවී ලකුණු 75 ක් රැස් කළේය.
වෛරස් උණ රෝගයක් වැළඳී සිටි බව කී ලසිත් මාලිංග සහ කුසල් මෙන්ඩිස් ද අද තරගයේ ක්‍රීඩා කළහ.







