පැරදුණේ ඇයි? - රංගන හේරත්

වීඩියෝ ශීර්ෂ වැකිය, පැරදුණේ ඇයි? - රංගන හේරත්

පන්දුවට පහර දීමේදී සහ පන්දු රැකීමේදී සිය කණ්ඩායම අතින් සිදු වූ වැරදි පරාජයට හේතු වූ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක රංගන හේරත් පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ අද (මාර්තු 19) බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමග පී සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ලද පරාජය පිළිබඳ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

ඉදිරියේදී ජයග්‍රහණ ලබා ගැනීම සඳහා කණ්ඩායමක් වශයෙන් මහන්සි වී පුහුණුවීම්වල යෙදිය යුතු බවත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක රංගන හේරත් වැඩිදුරටත් සඳහන් කළේය.

පන්දු රැකීමේ දුබලතා

line

මේ අතර ටෙස්ට් තරගයක කාසියේ වාසිය දිනා ගැනීම ජයග්‍රහණය සඳහා බලපාන ප්‍රධාන සාධකයක් බව කී ක්‍රිකට් ක්‍රීඩා වාර්තාකරු දමින්ද විජේසූරිය කාසියේ වාසිය දිනා ගනු ලැබුවත් පළමු ඉනිම තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ ලකුණු 338 ක් පමණක් බවය.

"ඒත් බංග්ලාදේශ කණ්ඩායම පසු පස හඹා ඇවිත් අපේ ලකුණු සංඛ්‍යාව පසු කර ගෙන ගිහින් ලකුණු 129 ක මුල් ඉනිමේ වාසියක් ලබා ගත්තා. ඒ වාසිය තමයි බංග්ලාදේශ කණ්ඩායමේ තරග දිනීමට පසුබිම වුනේ" යනුවෙන් ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

line
line

පසුගිය කාලය දෙස බැලීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම දුර්වල තත්වයක පවතින බව පෙනී යන බව පෙන්වා දුන් ඔහු " ඒ පිළිබඳ කාටවත් දොස් කියන්න බැහැ. ඒකෙ වගකීම ක්‍රීඩකයන් අර ගන්න ඕන. මොකද තමන්ට පුද්ගලිකව උනන්දුවක් තිබෙනවා නම් ඕනෑම ක්‍රීඩකයෙකුට හොඳ පන්දු රකින්නෙක් වෙන්න පුළුවන්" යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළේය.