එංගලන්තයට එරෙහිව බංගලාදේශ කණ්ඩායමේ පළමු ටෙස්ට් ජයග්‍රහණය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
Published
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට එරෙහිව සිය ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කළේය.
ඩකා අගනුවර පැවති දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට සියලු ක්‍රීඩකයන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 164 ක් පමණි.
එංගලන්ත කණ්ඩායම ලකුණු සියය වාර්තා කරන විට එක් කඩුල්ලක් හෝ දැවී ගොස් නොතිබූ නමුත් ඉන් අනතුරුව ලකුණු 64 ක් තුළ කඩුලු දහයක් බිඳ වැටුණි.
දහනව හැවිරිදි මෙහෙදි හසන් ලකුණු 77 කට කඩුලු 06 ක් බිඳ හෙලූ අතර ෂකීබ් අල් හසන් ලකුණු 49 කට කඩුලු 04 ක් බිඳ හෙලීමට සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, AP
බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා ලකුණු 296 ක් රැස් කොට තිබිණි.
බංග්ලාදේශය මීට පෙර ටෙස්ට් තරග ජයග්‍රහණ කොට ඇත්තේ සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම්වලට එරෙහිව පමණි.
























