ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගාල්ලේ වීරයා දිල්රුවන් පෙරේරා
ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේ පැවති ටෙස්ට් තරඟයේ වීරයා වූ පන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරා නිහඬ වීරයකු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
දිල්රුවන් ගාලු තරඟයේ දී ඕස්ට්‍රේලියානු පිලේ කඩුලු දහයක් බිඳ හෙලූ අතර දෙවන ඉනිමේදී අර්ධ ශතයක්ද වාර්තා කළේය.
නායක ඇන්ජලෝ මැතිව්ස් ඒ බව කියා සිටියේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ලද ජයග්රහණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ඉතාමත් යහපත් මානසික මට්ටමකින් යුතුව තමා ගාල්ලේ පැවති තරඟයට මුහුණ දුන් බවයි දිල්රුවන් පෙරේරා එහිදී කියා සිටියේ.
ඇන්ජලෝ මැතිව්ස් සහ දිල්රුවන් පෙරේරා දැක්වූ අදහස් ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න.