සිරකරු මිය යාමට හේතුව 'හෘදයාබාධයක්'
කොළඹ මැගසින් බන්ධනාගාරය තුල සඳුදා උදෑසන මිය ගොස් සිටි බ්‍රිතාන්‍ය ජාතික දෙමළ රැඳවියාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම ප්‍රකාශ කරයි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඒ බව පවසන්නේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව උපුටා දක්වමින්.
අධිකරණ නියෝගයක් මත පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍යවරයා, මියගිය සිරකරුවාගේ 'හෘදය වස්තුවේ නහරයක් පුපුරා ඇතුලේ ලේ ගමන් කිරීම නිසා' ඔහු මරණයට පත්වූ බව තීරණය කොට ඇතැයිද ඔහු පවසයි.
විශ්වලිංගම් ගෝපිදාස් සිරකරුවා මිය යාමට හේතු වූ කරුණු සොයා බැලීමේ පරීක්ෂණයක් පැවැත්වීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ස්වාධීන පරීක්ෂණ

ඡායාරූප මූලාශ්‍රය, newsfirst Sri lanka
සිරකරුගේ මළ සිරුර බන්ධනාගාරයේ සී වාට්ටුවේ වැසිකිළියක තිබී හමු වී ඇති බවට බොරැල්ල පොලිසිය ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුවයි, අධිකරණය එම නියෝගය කොට තිබෙන්නේ.
මරණය සම්බන්ධයෙන් පරීක්ෂණය පැවැත්වීම සඳහා සාක්ෂිකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද පොලිසියට නියම කර තිබේ.
විශ්වලිංගම් ගෝපිදාස්ගේ මරණය පිළිබඳව සැක පළ කරන ඔහුගේ ඥාතීන්, ඔහුට මරණ තර්ජන තිබුණු බවත් සිරස මාධ්‍ය ජාලයට පවසා තිබේ.
මේ අතර දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයේ සභාපති නීතිවේදි නාමල් රාජපක්ෂ පවසන්නේ බන්ධනාගාර තුල සිදු වන දේශපාලන සිරකරුවන්ගේ මරණ පිළිබඳව ස්වාධීන පරීක්ෂණ නොපැවැත්වෙන බවයි.
සිරකරුවන්ගේ ආරක්ෂාව සහතික කළ හැකි වැඩපිළිවෙළක් අවශ්‍ය බව ද ඔහු කියා සිටියේය.