චීන ජපන් තිත්ත ඇත්ත
නැගෙනහිර චීන මුහුදේ පවතින කුඩා දූපත් සමූහයක් අරබයා චීනය සහ ජපානය අතර මතභේද වරින්වර උණුසුම් වෙමින් පවතී.

ඡායාරූප මූලාශ්‍රය, AP
ඈත අතීතයේ පටන් දෙරට අතර පවතින විරසක අලුත් වෙමින් පවතිනවා විනා අතීතයෙන් පාඩම් උගෙන අනාගතය පැහැබර වන බවක් නම් පෙනෙන්නට නැත.
මේ අතරතුර අතීතයෙන් පාඩම් ඉගෙනීමට තිබෙන ජපානයේ ඉතිහාසය පිලිබඳ පාසල් පෙළ පොත වෙනස් කර ඇති බව වාර්තා විය.
දෙරටේම නව අධ්‍යාපන රටාව දෙරට අතර සංහිඳියාවට හරස් කපන බවයි විශ්ලේෂකයන්ගේ මතය.
ඉතිහාසයේ තිත්ත ඇත්ත ළමා පරපුරෙන් සඟවමින් දේශාභිමානය මූලික කර ගත් අධ්‍යාපන සම්ප්‍රදායක් චීනය සහ ජපානය තුළ බිහි වීම පිළිබඳව කළ විමසුමක හඬ පටයට සවන් දෙන්න.