කම්කරු පිහිටට තේ දැවැන්තයෝ
ලොව පුරා සිටින තේ කම්කරුවන්ගේ ජීවන මට්ටම නංවාලීම සඳහා වැඩ පිළිවෙලක් ආරම්භ කිරීමට ලෝකයේ දැවැන්ත තේ සමාගම් එක් වී සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, Other
දේශගුණික විපර්යාස ඇතුළු තේ කර්මාන්තයේ අනාගතය අවදානමට පත් කරවන ප්‍රධාන හේතු අතරට තේ කම්කරුවාගේ ප්‍රශ්නය ද ඇතුළත් බව තේ ව්‍යාපාරයේ නියැලෙන බහුජාතික සමාගම් හඳුනා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
තේ කර්මාන්තයේ අනාගතය සුරක්‍ෂිත කර ගැනීම සඳහා මෙසේ එකමුතු වී සිටින්නේ යුනිලිවර්, බෘක් බොන්ඩ්, ටාටා ග්ලෝබල් බෙවරේජස්, පීජී ටිප්ස් ඇතුළු තවත් ජාත්‍යන්තර තේ සමාගම් කිහිපයක්.
සදාචාරාත්මක තේ කර්මාන්තයක් උදෙසා පෙනී සිටින ‘එතිකල් ටී පාට්නර්ශිප්’ (Ethical tea partnership) සංවිධානයේ අධ්‍යක්‍ෂිකා සාරා රොබට්ස් බීබීසී යට කියා සිටියේ තේ කර්මාන්තය වෙනසකට භාජනය නොවුන හොත් තේ වගා කරන්නේ සහ නෙළන්නේ කවුරුන් ද යන්න පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් මතු වන බවයි.
ශ්‍රී ලංකාවේ කම්කරුවන් අතරින් දැඩි ලෙසම පීඩාවට පත් වී සිටින්නේ තේ කම්කරුවන් බවයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී රාමලිංගම් චන්ද්‍රසේකරන් බීබීසීයට කියා සිටියේ.
මේ පිළිබඳව කළ විමසුමක හඬ පටයට සවන් දෙන්න.