'වැලිවේරියට යුක්තිය ඉටු වී නැහැ'

පානීය ජලය දූෂණය කිරීමට එරෙහිව විරෝධය පා වැලිවේරියේ මියගිය තරුණයන් හෝ ඒ සඳහා වග කිව යුතු කම්හල හෝ සම්බන්ධයෙන් සිව් මසක් ගතවීත් යුක්තිය ඉටු වී නැති බව ගම්වාසීහු පවසති.

වැලිවේරියේ සිව් මස් සමරුව
ඡායාරූප ශීර්ෂ වැකිය, වැලිවේරියේ සිව් මස් සමරුව

චෝදනා ලබන හේලීස් සමාගමේ වෙනිග්‍රොස් රබර් නිෂ්පාදන කම්හල ප්‍රදේශයෙන් ඉවත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ රතුපස්වල ජනතාවට පොරොන්දු වුයේ පසුගිය අගෝස්තු මැද දී.

කම්හල තවමත් ඉවත් කර නැති අතර විරෝධතා වේ යෙදී සිටි පිරිස් වලට වෙඩි තැබීම සඳහා යුද හමුදාවට අණ දුන්නේ කව්දැයි හෙළිවී නොමැති බවද ප්‍රදේශවාසීන් පවසද්දී පොලිස් නිලධාරීන්ගේ ද සහභාගිත්වයෙන් පැවැත්වෙන සිව් මස් සමරු උත්සවයක් පැවැත්විණි.

ප්‍රසාද් පුර්නිමාල් ගෙන එන වාර්තාවක්.