ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය සන්ටා මරියා මජෝරේ බැසිලිකාවේ මිහිදන් කරයි

ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ දේහය රෝමයේ සන්ටා මරියා මජෝරේ බැසිලිකාවේ මිහිදන් කර ඇති බව වතිකානය තහවුරු කර තිබේ.
රාජ්‍ය නායකයින් ඇතුළු 400,000ක් පමණ වූ ශෝකවන්නන්ගේ සහභාගීත්වයෙන් පැවති අවමංගල්‍ය උත්සවයෙන් පසුව ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ දේහය රෝමයේ සන්ටා මරියා මජෝරේ බැසිලිකාවේ මිහිදන් කරයි.
බීබීසී පුවත්, රෝමයේ සිට

ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ දේහය රෝමයේ සන්ටා මරියා මජෝරේ බැසිලිකාවේ මිහිදන් කර ඇති බව වතිකානය තහවුරු කර තිබේ.
රාජ්‍ය නායකයින් ඇතුළු 400,000ක් පමණ වූ ශෝකවන්නන්ගේ සහභාගීත්වයෙන් පැවති අවමංගල්‍ය උත්සවයෙන් පසුව ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ දේහය රෝමයේ සන්ටා මරියා මජෝරේ බැසිලිකාවේ මිහිදන් කිරීම මේ වන විට සිදුවනවා.
අද දින සිට 'නෝවෙම්ඩයලස්' ලෙස හැඳින්වෙන දින නවයක ශෝක කාලයක් ආරම්භ වන අතර, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අනුස්මරණය කිරීම සඳහා සෑම දිනක ම දේව මෙහෙයක් පවත්වනවා.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මිනිසුන්ගේ "මනැස සහ හදවත් ස්පර්ශ කළ" අතර උන්වහන්සේට "පවුරු නොව පාලම් තැනීමට" අවශ්‍ය වූ බව දේව මෙහෙයට නායකත්වය දුන් කාදිනල් ජියෝවානි බැටිස්ටා රේ කාදිනල් හිමි පැවසුවා.
ඒ අනුව දැන්, කිතුණු ලෝකයේ අවධානය ඉක්මනින් ම නව පාප් වහන්සේ කෙනෙක් තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වෙන ලොව පුරා වෙසෙන කාදිනල්වරුන්ගේ සභාභීත්වයෙන් පැවැත්වෙන රහස් සභාව වෙත යොමු වනු ඇත.
එහිදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අනුප්‍රාප්තිකයා චාරිත්‍රානුකූලව තෝරා ගැනීම, ඒ සඳහා සුදුසුකම් ලත් කාදිනල්වරුන් රහසිගතව ඡන්දය ප්‍රකාශ කිරීම වෙනවා.
වැඩිදුර කියවන්න:

පාප් වහන්සේගේ දේහය මිහිදන් කිරීමට පෙර එහි ඡායාරූපයක් අප වෙත ලැබී තිබෙනවා.
එය දැන් පෞද්ගලිකව පැවැත්වෙන දේව මෙහෙයකින් අනතුරුව එහි මිහිදන් කෙරෙනවා.
තම මරණයට පෙර ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කළ ඉල්ලීමක් වූයේ, උන් වහන්සේ තෝරාගත් නාමයේ ලතින් අනුවාදය වන "ෆ්‍රැන්සිස්කස්" යන නම පමණක් සඳහන් කර සරල සොහොන් ගෙයක උන්වහන්සේ තැන්පත් කරන ලෙසයි.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ සාන්ත මේරි මේජර් බැසිලිකාව අතුළතට ගෙනවිත් තිබෙනවා.
මෙය ස්වර්ගස්ථ වූ පාප් වහන්සේ දේහය මිහිදන් කෙරෙන ස්ථානයයි.
මෙහිදී කෙටි, පෞද්ගලික දේව මෙහෙයක් පැවැත්වෙනු ඇත (එය රූපවාහිනියෙන් විකාශනය නොකෙරේ).
ඉරිදා උදෑසන සිට ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සොහොන් ගැබ නැරඹීමට ජනතාවට හැකි බව වතිකානය මීට පෙර නිවේදනය කළා.

ඡායාරූප මූලාශ්‍රය, EPA
ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ සන්ටා මරියා මජෝරේ බැසිලිකාවේ මිහිදන් කෙරෙනු ඇත.
1903දී ස්වර්ගස්ථ වූ XIII වන ලියෝ පාප් වහන්සේගෙන් පසු වතිකානයෙන් පිටත භූමදාන කරන ලද පළමු පාප් වහන්සේ උන්වහන්සේ යි.
විදේශ සංචාරයකින් පසු ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝමයට ආපසු ගිය සෑම අවස්ථාවක ම උන්වහන්සේ සැමවිට ම සන්ටා මරියා මජෝරේ වෙත පැමිණියා.
එය සුදුසු තේරීමක් - ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විශේෂයෙන් කන්‍යා මරිය තුමියට කැප වූ අතර, 4 වන සියවසේදී ඉදිකරන ලද ඇයට කැප කරන ලද පළමු දේවස්ථානය සන්ටා මරියා මජෝරේ බැසිලිකාවයි.
වැඩිදුර කියවන්න:

පාප් වහන්සේගේ දේහය රැගත් පාප් රථය රෝමයේ සාන්ත මේරි මේජර් බැසිලිකාව වෙත පැමිණ තිබෙනවා.
ඒ අනුව, උන්වහන්ස්ගේ දේහය ඉන් පිටතට ගෙන දේවස්ථානය ඇතුළට රැගෙන යාම සිදු කෙරෙනවා.

ඡායාරූප මූලාශ්‍රය, Andriy Yermak
මීට පෙර, ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍යය ආරම්භ වීමට පෙර සාන්ත පීතර බැසිලිකාව තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ගැඹුරු සංවාදයක යෙදී සිටින සෙලෙන්ස්කිගේ ඡායාරූපයක් අප ඔබ වෙත ගෙන ආවා.
ඊට පෙර ගත් තවත් ඡායාරූපයක් දැන් අපට දැක ගන්න පුළුවන්.
එහි බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාර්මර්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, යුක්‍රේන ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් කතා කරන අයුරු දැක්වෙනවා.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සිය දේහය වතිකාන සීමාව තුළ මිහිදන් නොකිරීමට තීරණය කිරීමෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සියවසකට අධික සම්ප්‍රදායක් බිඳ දමා තිබෙනවා.
ඒ වෙනුවට, උන්වහන්සේගේ දේහය ඉතාලියේ 'සන්ටා මරියා මජෝරේ' ලෙස හඳුන්වන සාන්ත මේරි මේජර් බැසිලිකාවේ තැන්පත් කෙරෙනවා.
එය විදේශ සංචාරවලට පෙර සහ පසු උන්වහන්සේ නිතර යාච්ඤා කිරීමට ගිය දේවස්ථානයක්.
උන්වහන්සේගේ මෙම තෝරා ගැනීමෙන් පිළිබිඹු වන්නේ සමාජයේ එතරම් සැලකිල්ලට භාජනය නොවූ මිනිසුන් කෙරෙහි උන්වහන්සේගේ ජීවිත කාලය පුරා ම පැවති අනුකම්පාවයි.
සරල වටපිටාවක් තිබුණ ද, සන්ටා මරියා මජෝරේ යනු, රෝමයේ වඩාත් ම දර්ශනීය දේවස්ථානවලින් එකක්.
අවසන් කැමැත්ත අනුව, පාප් වහන්සේ බැසිලිකාවේ පසෙකින් ඇති කොරිඩෝවක කුඩා ඉඩක මිහින්දන් කරන ලෙස ඉල්ලා තිබෙනවා.
වැඩිදුර කියවන්න:

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය දේව මෙහෙය මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.
ඒ අනුව, පාප් වහන්සේගේ දේහය දැන් රෝමයේ 'සන්ටා මරියා මජෝරේ' ලෙස හඳුන්වන සාන්ත මේරි මේජර් බැසිලිකාව වෙත මිහිදන් කිරීම සඳහා අවමංගල්‍ය පෙරහැරකින් රැගෙන යමින් තිබෙනවා.
පෙරහැර වතිකාන නගරයෙන් පිටත් වී ටයිබර් ගඟ හරහා කිලෝමීටර 6ක් ගමන් කරනු ඇත.
ඉන්පසු එය මධ්‍යම රෝමය හරහා වැනීසියා චතුරශ්‍රය වෙත ගොස් කොලෝසියම පසුකර උතුරු දෙසට හැරී සන්ටා මරියා මජෝරේ වෙත ළඟා වෙනවා.
මහ ජනතාවට පෙරහැර පිටුපසින් ගමන් කිරීමට අවස්ථාව නොලබන අතර වීදිවල ඇති බාධක පිටුපසින් පමණක් ගමන් කිරීමට අවස්ථාව ලැබෙනවා.
බැසිලිකාව තුළ මිහිදන් කටයුතු සිදුවන ආකාරය දැක ගැනීමට මහ ජනතාවට අවස්ථාව නොලැබේ.

ඡායාරූප මූලාශ්‍රය, EPA
පාප් වහන්සේගේ දේහය සන්ටා මරියා මජෝරේ දේවස්ථානයට පෙරහැරකින් රැගෙන යාම සඳහා ඔසවාගෙන යාමට සූදානම් කෙරුණේ මේ ආකාරයෙන්.

දේව මෙහය අවසානයේ කාදිනල් ජියෝවානි බැටිස්ටා රේ පාප් වහන්සේගේ දේහයට ශුද්ධ වූ ජලයෙන් ආශිර්වාද කළා. අනතුරුව සුවඳ ඳුම් ගල්වනු ලැබුවේ මේ ආකාරයෙන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අප, සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැත්වෙන ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයේ අවසානයට ළඟා වෙමින් සිටිනවා.
එහිදී, කාර්දිනල්වරුන්ගේ සංසදයේ ප්‍රධානී කාදිනල් ජියෝවානි බැටිස්ටා රේ, පාප් වහන්සේගේ ආත්මය දෙවියන් වහන්සේට භාර දී රෝමානු කතෝලික පල්ලියට සැනසීම ඉල්ලා සිටිනවා.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප්වහන්සේගේ අවසන් කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නියෝජිතයා ලෙස වතිකානයට ගිය විදේශ අමාත්‍ය විජිත හේරත් අද (අප්‍රේල් 26) සාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කොට තිබූ උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දක්වනු ලැබුවා.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍යයට පෙර යුක්‍රේන ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවැත්වූ කෙටි හමුව ගැන වැඩි විස්තර අප වෙත ලැබී තිබෙනවා.
නායකයින් දෙදෙනා පෞද්ගලිකව හමුවී "ඉතා ඵලදායී සාකච්ඡාවක්" පැවැත්වූ බව ධවල මන්දිරය පවසන බව ත් වැඩි විස්තර පසුව ලබා දෙන බව ත් අපගේ යුරෝපයේ ඩිජිටල් සංස්කාරක පෝල් කර්බි වාර්තා කරනවා.
ඉතාලියේ රායි ටීවී නාලිකාවට අනුව, අපේක්ෂා කළ පරිදි ඇමෙරිකානු තානාපති කාර්යාලයේදී නොව, පාප් වහන්සේට ගෞරව දැක්වීමෙන් පසු මෙම හමුව සිදු වූයේ සාන්ත පීතර බැසිලිකාව තුළ යි.
පෙබරවාරි මස අවසානයේ ඕවල් කාර්යාලයේ සිදුවූ හමුවේපසු ඔවුන් හමුවන පළමු අවස්ථාව මෙයයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සාම්ප්‍රදායිකව, පාප් වහන්සේගේ දේහය අවමංගල්‍ය පූජෝත්සවයට පෙර දින සයිප්‍රස්, ඊයම් සහ ඕක්වලින් සාදනු ලද මිනී පෙට්ටි තුනක (එකිනෙක ඇතුළත බහා) තැන්පත් කෙරෙනවා.
කෙසේ වෙතත්, පසුගිය වසරේදී, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉල්ලා සිටියේ සින්ක් අභ්‍යන්තරයක් සහිත සරල ලී මිනී පෙට්ටියක තමා මිහිදන් කරන ලෙසයි.
අවමංගල්‍ය දේව මෙහෙයේදී දක්නට ලැබෙන මිනී පෙට්ටිය මෙයයි. මෙම සතියේ සාන්ත පීතර බැසිලිකාවේ එය මේ දක්වා දින තුනක් තබා තිබිණි.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය දේහය මිහිදන් කරන විට වසර 100ක් පැරණි සම්ප්‍රදායක් බිඳ දමනු ඇත.
සාන්ත පීතර බැසිලිකාවේ සොහින් ගර්භයේ නොව 'සන්ටා මරියා මජෝරේ' ලෙස හඳුන්වන සාන්ත මේරි මේජර් බැසිලිකාවේ තැන්පත් කරන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටියා.
වැඩිදුර කියවන්න:

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයට සාන්ත පීතර චතුරශ්‍රයේ සහ අවට ප්‍රදේශයේ 200,000ක ජනතාවක් පැමිණ සිටින වන බව වතිකානය පවසයි.
මේ අතර, ඉතාලි පොලිසිය ඔවුන්ගේ පෙර සංඛ්‍යාලේඛන යාවත්කාලීන කර ඇති අතර, එම සංඛ්‍යාව 150,000ක් පමණ වන බව සඳහන් තිබෙනවා. එයට සාන්ත පීතර චතුරශ්‍රයේ රැස්ව සිටින 50,000ක පිරිසත් ඇතුළත්.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2013 මාර්තු මාසයේදී XVI වන බෙනඩික්ට් පාප් වහන්සේ ඉල්ලා අස්වීමෙන් පසු කාදිනල් හොර්හේ මාරියෝ බර්ගෝලියෝ ලෙස කටයුතු කළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කතෝලික පල්ලියේ නායකත්වයට තේරී පත් වුණා.
ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ පදවි කාලය තුළ පෙර නොකළ බොහෝ දෑ සිදුවුණා.
කිසි විටෙකත් කතෝලික පල්ලියට ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම නතර නොකළ උන්වහන්සේ සාම්ප්‍රදායිකවාදීන් අතර ද ජනප්‍රියත්වයක් උසුලන්නට වුණා.
උන්වහන්සේ ඇමෙරිකාවේ නොඑසේ නම්, පෘථිවියේ දකුණු අර්ධ ගෝලයෙන් බිහිවූ පළමු පාප් වහන්සේ යි.
සිරියාවේ උපන් III වන ග්‍රෙගරි පාප් වහන්සේ 741දී මිය ගිය දා සිට රෝමයේ යුරෝපීය නොවන රදගුරුවරයෙක් සිටියේ නැහැ.
පාප් පදවියට පත්වූ පළමු ජේසු නිකායික පියතුමන් ද උන්වහන්සේ වුණා.
ඉතිහාසය පුරා රෝමය ජේසු නිකායික පියතුමන්ලා දෙස බැලුවේ සැකයෙන්.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පූර්වගාමියා වූ XVI වන බෙනඩික්ට් පාප් වහන්සේ, වසර 600කට ආසන්න කාලයකදී ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගත් පළමු පාප් වහන්සේ වූ අතර දශකයකට ආසන්න කාලයක් වතිකානයේ පාප් වහන්සේලා දෙදෙනෙක් සිටියා.
ආර්ජන්ටිනාවේ කාදිනල් බර්ගෝලියෝ ලෙස කටයුතු කළ උන්වහන්සේ 2013 වසරේදී පාප් පදවියට පත්වන විටත් වයස 70 ගණන්වල පසු වුණා.
වැඩිදුර කියවන්න:
ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍යය උත්සවය දැක ගැනීම සඳහා සාන්ත පීතර චතුරශ්‍රයට විශාල ජනකායක් පැමිණ තිබෙනවා.
බීබීසී ලෝක සේවයේ ගෝලීය ආගමික පුවත් පිළිබඳ වාර්තාකරු ලේබෝ ඩිසීකෝ පැවසුවේ, ඔවුන් සාන්ත පීතර චතුරශ්‍රයට හැකි තරම් සමීපව සිටීමට උදෑසන ම පෝලිම් වෙත පැමිණ සිටි බවයි.
"අපි අද උදේ 04:15ට විතර මෙහෙට ආවා," මේ වන විට රෝමයේ ජීවත් වන නිව්යෝර්ක් වැසියෙකු වන කේට්ලින් පවසනවා.
මෙය "පාප් වහන්සේට සහ උන් වහන්සේ සිදු කළ මෙහෙය වෙනුවෙන් ගෞරව කිරීමට ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන අත්දැකීමක්" බව ඇය පවසනවා.
අයර්ලන්තයේ වෝටර්ෆර්ඩ්හි කැතරින් අප වාර්තාකරු වෙත පවසා ඇත්තේ, ඇය "කාලගුණයෙන් ඇති වන ඕනෑ ම බලපෑමකට" තමන් සූදානම් බවයි.
කුෂන්, බ්ලැන්කට්, සන් ක්‍රීම් සහ වැහි කබා ආදිය ඇය රැගෙන පැමිණ තිබෙනවා.
"මේ අවුරුද්දේ රෝමයේ මොනවා වේවි ද කියලා බලාපොරොත්තු වෙන්න බැහැ."
ඇය පවසන්නේ "පාප් වහන්සේ කළ විශිෂ්ට මෙහෙවරට" ඇය එහි පැමිණ සිටින බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉතාලි පොලිස් වාර්තාවලට අනුව, සාන්ත පීතර චතුරශ්‍රයේ සහ ඒ අවට වීදිවල 140,000ක් පමණ පිරිසක් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍යය සඳහා රැස්ව සිටිනවා.
එම ගණනට සාන්ත පීතර චතුරශ්‍රයේ මුළුමනින් ම පාහේ පිරී සිටින 40,000ක පිරිසත් ඇතුළත්.
අවමංගල්‍යය උත්සවය සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැත්වෙන අතර, ඒ අවටින් ලැබෙන රාජ්‍ය තාන්ත්‍රික පුවත් කිහිපයක් මෙන්න.
යුක්‍රේන මාධ්‍යවලට අනුව, යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිගේ ප්‍රකාශක සර්හි නිකිෆොරොෆ් පවසන පරිදි, ජනාධිපති සෙලෙන්ස්කි දේව මෙහෙයට පෙර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව තිබෙනවා.
නායකයින් දෙදෙනා ම මේ වන විට දේව මෙහෙය සඳහා ශාන්ත පීතර චතුරශ්‍රය වෙත පැමිණ තිබෙනවා.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images