ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සජීවී., ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය ඇරඹේ
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සුපිරි 8 දෙනාගේ තරග වටය යටතේ පැවැත්වෙන තරගය මීට සුළු මොහොතකට පෙර ඇරඹිණි. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කළේ ය.
සාරාංශය
- එංගලන්තය 13/0 (2)
- ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සුපිරි 8 දෙනාගේ තරග වටය යටතේ පැවැත්වෙන තරගය ඇරඹේ.
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කරයි
- මහනුවරට වැසි ඇතිවිය හැකි බවට කාලගුණ අනාවැකි
- සුපර් 8 වටයේ ඊයේ පැවති නවසීලන්ත - පකිස්ථාන තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමේ
- සුපර් 8 වටයේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද රාත්‍රී 7ට
සජීවී වාර්තාකරණය
බීබීසී සිංහල
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර Super 8 T20 තරගය ඇරඹේ
ශ්‍රී ලංකා - එංගලන්ත T20 තරග ඉතිහාසය
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර T20 තරග 17ක් මේ දක්වා පවත්වා තිබෙනවා.
ඉන් තරග 4ක් ශ්‍රී ලංකාව ජයගෙන ඇත.
සෙසු තරග සියල්ල ජයගෙන තිබෙන්නේ එංගලන්තය.
අවසන් වරට දෙරට අතර පැවති T20 තරග තුනම එංගලන්තය ජයගත්තා.
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
Super 8: එංගලන්තයට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කරයි
'අද තරගයට වර්ෂාවෙන් බාධ වුණොත්': ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහගේ අදහස
අද පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත සුපිරි 08 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට අර්ධ අවසන් වටයට පිවිසීමට ඇති හැකියාව අවම බව ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ පවසනවා.
ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ විමසීමකදී ඔහු මේ බව පැවසුවා.
"එහෙම ප්‍රශ්නයක් වුනොත් වර්ල්ඩ් කප් එක පටන් ගන්නේ ඉස්සර වෙලා ගෲප් එකේ තියෙන Highest ම රෑන්කින් තියෙන ටිම් දෙක තමයි ඉස්සරහට යන්නේ. එතකොට අපිට චාන්ස් එකක් නැහැ. අපිට වඩා උඩින් අනිත් ටීම් දෙක ඉන්නවා. එංගලන්තය සහ නවසීලන්තය අපිට වඩා උඩින් ඉන්නවා. අනිත් ගෘප් එකේ උඩින් ම ඉන්නේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යි."
ආයුබෝවන්! සුබ දහවලක්
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සුපර් 8 වටයේ තරගය අද පස්වරු 3ට මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
මව්බිමේදී ක්‍රිඩා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්තයට එරෙහිව වාසියක් ලබා ගත හැකිද?
තරගයේ සුවිශේෂී තොරතුරු මෙම සජීව වෙබ් පිටුව ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට බීබීසී සිංහල සූදානම්.
රැඳී සිටින්න බීබීසී සිංහල සමගින්