ජොෂ් බට්ටලර් දැවී යයි
එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ජොෂ් බට්ටලර් දැවී යයි 7 (14)
එංගලන්තය 16/1 - පන්දුවාර 3.1
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සුපිරි 8 දෙනාගේ තරග වටය යටතේ පැවැත්වෙන තරගය මීට සුළු මොහොතකට පෙර ඇරඹිණි. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කළේ ය.
බීබීසී සිංහල
එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ජොෂ් බට්ටලර් දැවී යයි 7 (14)
එංගලන්තය 16/1 - පන්දුවාර 3.1
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර T20 තරග 17ක් මේ දක්වා පවත්වා තිබෙනවා.
ඉන් තරග 4ක් ශ්‍රී ලංකාව ජයගෙන ඇත.
සෙසු තරග සියල්ල ජයගෙන තිබෙන්නේ එංගලන්තය.
අවසන් වරට දෙරට අතර පැවති T20 තරග තුනම එංගලන්තය ජයගත්තා.
Super 8: එංගලන්තයට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කරයි
අද පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත සුපිරි 08 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට අර්ධ අවසන් වටයට පිවිසීමට ඇති හැකියාව අවම බව ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ පවසනවා.
ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ විමසීමකදී ඔහු මේ බව පැවසුවා.
"එහෙම ප්‍රශ්නයක් වුනොත් වර්ල්ඩ් කප් එක පටන් ගන්නේ ඉස්සර වෙලා ගෲප් එකේ තියෙන Highest ම රෑන්කින් තියෙන ටිම් දෙක තමයි ඉස්සරහට යන්නේ. එතකොට අපිට චාන්ස් එකක් නැහැ. අපිට වඩා උඩින් අනිත් ටීම් දෙක ඉන්නවා. එංගලන්තය සහ නවසීලන්තය අපිට වඩා උඩින් ඉන්නවා. අනිත් ගෘප් එකේ උඩින් ම ඉන්නේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යි."
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සුපර් 8 වටයේ තරගය අද පස්වරු 3ට මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
මව්බිමේදී ක්‍රිඩා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්තයට එරෙහිව වාසියක් ලබා ගත හැකිද?
තරගයේ සුවිශේෂී තොරතුරු මෙම සජීව වෙබ් පිටුව ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට බීබීසී සිංහල සූදානම්.
රැඳී සිටින්න බීබීසී සිංහල සමගින්