
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර සති දෙකක සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමට පැය කිහිපයකට පෙර, පකිස්ථානයෙන් බලාපොරොත්තුවේ කුඩා සලකුණු කිහිපයක් දක්නට ලැබුණා.
නිර්නාමිකව අදහස් දක්වමින් පකිස්ථාන මූලාශ්‍රයක් බීබීසීයට පැවසුවේ, සාකච්ඡා "කඩිනමින්" සිදු වූ බවත්, ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර අතරමැදියෙකු ලෙස පකිස්ථානය ක්‍රියා කළ වූ බවත් ය.
පකිස්ථාන පාර්ශවයෙන් සාකච්ඡා මෙහෙයවූවන් "ඉතා කුඩා කවයකින්" සමන්විත වූ අතර මනෝභාවය "අඳුරු සහ බැරෑරුම් නමුත් තවමත් සතුරුකම් නැවැත්වීමේ ප්‍රතිඵලයක් වනු ඇතැයි බලාපොරොත්තු වුණා. ඉතිරි වෙලා තිබ්බේ පැය කිහිපයක් විතරයි," යනුවෙන් මූලාශ්‍රය පැවසීය. නමුත් තමන් එම කුඩා කවයේ කොටසක් නොවූ බව එම මූලාශ්‍රය පැවසුවා.
පසුගිය සති කිහිපය තුළ පකිස්ථානය, දෙපාර්ශවය අතර පණිවිඩ හුවමාරු කරමින් ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර අතරමැදියෙකු ලෙස කටයුතු කළා.
පකිස්ථානයට ඉරානය සමග ඓතිහාසික සම්බන්ධතාවක් ඇති අතර, දෙරට ම බෙදාගනු ලබන දේශසීමාවක් ඇති අතර, පකිස්ථානය නිතිපතා ඉරානය සමග ඇති තම "සහෝදර" සම්බන්ධතාව ගැන සඳහන් කරනවා.
ඇමෙරිකානු සම්බන්ධතාව සම්බන්ධයෙන් ගත් කළ, ජනාධිපති ට්‍රම්ප් පකිස්ථාන සන්නද්ධ හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් ඔහුගේ "ප්‍රියතම" ෆීල්ඩ් මාර්ෂල් ලෙස හැඳින්වූ අතර "බොහෝ දෙනෙකුට වඩා හොඳින්" ඔහු ඉරානය ගැන දන්නා බව සඳහන් කළා.
එකඟතාවක් ඇති කර ගැනීම ස්ථිරව ම දූරස්ථ දෙයක් ලෙස පැවතුණා. සඳුදා ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමට සහ ඉරානය සෞදි අරාබියට පහර දීමට පෙර අඟහරුවාදා රාත්‍රියේ පාර්ලිමේන්තුවේදී කතා කරමින් පකිස්ථාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් මෙසේ කියා සිටියා; "ඊයේ වන තුරු දේවල් ධනාත්මක දිශාවකට ගමන් කරන බවට අපි ඉතා ශුභවාදීව සිටියා," පකිස්ථානය "තවමත් හැකිතාක් දේවල් කළමනාකරණය කිරීමට උත්සහ කරමින් ඉන්නවා."
ෆීල්ඩ් මාෂල් මුනීර් ඊටත් වඩා ප්‍රසිද්ධියේ විවේචනාත්මක අදහස් පළ කළා. අඟහරුවාදා හමුදා නිලධාරීන් අමතමින් ඔහු පැවසුවේ සෞදි අරාබියට එල්ල වූ ප්‍රහාරය "සාමකාමී මාර්ගවලින් ගැටුම විසඳීමේ අවංක උත්සහයන් නරක අතට පත් කරන," බවයි.
ගැටුම ආරම්භ වූ දා සිට පකිස්ථානය ඉරානයට එරෙහිව භාවිත කළ ප්‍රබල ම භාෂා ස්වරූපය මෙයයි.
සමහර විශ්ලේෂකයින් යෝජනා කළේ, මෙය ඉරානය මත පීඩනය වැඩි කළ හැකි බවයි. පකිස්ථානය සෞදි අරාබිය සමග ආරක්ෂක ගිවිසුමක් ඇති කර ගෙන ඇති අතර, සෞදි අරාබියට නැවත නැවතත් ප්‍රහාර එල්ල කළ ද, එය දැනට ක්‍රියාත්මක කර නැහැ.
මධ්‍යම රාත්‍රියෙන් පසු, පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා Xහි පළ කළේ, "රාජ්‍ය තාන්ත්‍රික උත්සහයන්... නුදුරු අනාගතයේදී සැලකිය යුතු ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව ඇති ස්ථාවරව, ශක්තිමත්ව සහ බලගතු ලෙස ඉදිරියට යමින් පවතින" බවයි, ඔහු ජනාධිපති ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියේ සති දෙකකට ප්‍රකාශිත අවසන් කාලසීමාව දීර්ඝ කරන ලෙසත්, එම කාලය සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන ලෙසත් ය.
පකිස්ථානයේ ඉරාන තානාපති රේසා අමිරි මොගදම්, දේශීය වේලාවෙන් අලුයම 03:00ට පමණ Xහි පළ කළේ "තීරණාත්මක, සංවේදී අවධියකින් පියවරක් ඉදිරියට ගොස් ඇති" බවයි.
සටන් විරාමයකට දෙපාර්ශවය එකඟ වූ බව උදෑසන 05:00ට පෙර පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා නිවේදනය කළ අතර, "තීරණාත්මක ගිවිසුමක් සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට" අප්‍රේල් 10 වන දා සිකුරාදා ඉස්ලාමාබාද්හිදී හමුවීමට දෙපාර්ශ්වයට ම ආරාධනා කළා.
"අපි තවමත් ඉතා සුපරීක්ෂාකාරීව ඉන්නවා," පකිස්ථාන මූලාශ්‍රය බීබීසීයට පැවසුවේ, තත්ත්වයට "අඛණ්ඩ බිඳෙනසුලු බවක්" ඇති බවයි. ඔවුන් තවමත් එකිනෙකා විශ්වාස නොකරන අතර ඔවුන්ගේ ස්ථාවරය වෙනස් නොකරනු ඇත.