'පැන් කොරහෙනි මා නාගෙන එන්නේ'

මේ ''චැන් චැන්''. ඇමරිකාවේ වොෂිංටන් නගරයේ 'ස්මිත්සෝනියන්' ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන යෝධ පැන්ඩා සුරතලෙක්.

මීට මාස කීපයකට පෙර වොෂිංටනයේ පැවති අධික හිම පතනයෙන් උද්දාමයට පත් ''චැන් චැන්'' හිම මත පෙරෙලෙමින් විනෝද වන ආකාරය දැක්වෙන <link type="page"><caption> වීඩියෝ දර්ශන</caption><url href="http://www.bbc.com/sinhala/multimedia/2016/01/160124_smbp_usa_panda_snowstorm.shtml" platform="highweb"/></link> අන්තර්ජාලය සහ සමාජ ජාල තුළ බෙහෙවින් ජනප්‍රිය විය.

වසන්තයේ උදාවත් සමග ''චැන් චැන්'' නා කියා පිරිසිදු වන ආකාරය දැක්වෙන වීඩියෝවක් නැවතත් අන්තර්ජාලය ආක්‍රමණයකොට ඇත.

පාස්කු නිවාඩුව එළඹෙත්ම 'ස්මිත්සෝනියන්' සත්වෝද්‍යානය විසින් ඉහත දැක්වෙන දර්ශන 'ට්විටර්' ජාලයට එක් කොට තිබේ.