මෙවර නිරිත දිග මෝසම ශ්‍රී ලංකාවට බලපාන්නේ කොහොමද?

සාමාන්‍යය තත්ත්වයට වඩා වැඩි වර්ෂාපතනයක් 2024 නිරිතදිග මෝසම් සමයේදී (ජුනි - සැප්තැම්බර් ) ශ්‍රී ලංකාව ඇතුළුව දකුණු ආසියාවේ බොහෝ ප්‍රදේශවලට බලපානු ඇත.
නිරිත දිග මෝසම ශ්‍රී ලංකාව ඇතුළුව දකුණු ආසියානු කලාපයට මෙතරම් වැදගත් වන්නේ ඇයි ?

ශ්‍රී ලංකාව ඇතුළුව දකුණු ආසියානු කලාපයේ කෘෂි ආර්ථිකය රඳා පවතින්නේ නිරිතදිග මෝසම් වර්ෂාව මතය.කලාපයේ බොහෝ ප්‍රදේශවලට (ශ්‍රී ලංකාව සහ ගිනිකොනදිග ඉන්දියාව හැර) වාර්ෂික වර්ෂාපතනයෙන් 75-90% දක්වා නිරිතදිග මෝසමෙන් ලැබෙනු ඇත.
ශ්‍රී ලංකාවේ ජල විදුලිබලාගාර ආශ්‍රිත ජලපෝෂක ප්‍රදේශවලට වැඩි වර්ෂාපතනයක් ලැබෙන්නේ ද නිරිතදිග මෝසම් වර්ෂාවෙනි.
නිරිත දිග මෝසම් සමයේ සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද ?


මැයි මාසයේ අකුණු අනතුරු ඇතිවිය හැකිය.

ජුනි මාසයේ සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවේ.

නාය යෑම් සහ කණ්ඩි කඩාවැටීමේ අවදානමක් තිබේ.

වායුගෝලයේ පීඩන සහ අවපීඩන ඇතිවීමට අවදානමක් තිබේ.

මැයි, ජුනි මාසවල ගංවතුර හා නායයෑම් අවදානම් ඇතිවිය හැකිය.

ජලයේ ගසාගෙන යාම් සහ දියේ ගිලීම් නිසා ඇතිවන අනතුරු ඉහළ යා හැකිය.
ගංවතුර අවදානම් ඇතිවිය හැකි ගංගා







දැදුරු ඔය
අත්තනගලු ඔය
කැලණි ගඟ
කළු ගඟ
ගිං ගඟ
නිල්වලා ගඟ
එල් නිනෝ සහ ලා නිනා තත්ත්වය

'එල් නිනෝ' සහ 'ලා නිනා' සංසිද්ධීන් ද්විත්වය ලොව පුරා ගෝලීය උෂ්ණත්ව මට්ටම්වලට සහ වැසි රටාවලට බලපෑම් කරන එකිනෙකට විරුද්ධ සංසිද්ධීන් ය.
පවතින එල් නිනෝ තත්ත්වය මෝසමේ මුල් කාලයේ මධ්‍යස්ථ වේ.
මෝසමේ දෙවන භාගයේ දී එල් නිනා පහව ගොස් ලා නිනා ඇතිවෙතැයි අපේක්ෂා කෙරෙයි.
මෙවර ලා නිනා තත්ත්වය සමඟ අපේක්ෂා කරන වායුගෝලයේ කැළඹීම් නිසා වර්ෂාව අඩු නොවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දේශගුණික විපර්යාස නිසා අපට මුහුණ දීමට සිදුවිය හැකි නව අභියෝග මොනවා ද?


සාමාන්‍ය තත්ත්වයට වඩා උෂ්ණත්වය ඉහළ යාම

කෙටි කාලසීමාවක් තුළ අධික වර්ෂාපතනයක් ලැබීම

වියළි කලාපයේ ජලාශවල ජල මට්ටම් පහළ යාම

අඩු වාර්ෂාපතනය වී ගොවිතැනට අභියෝගයක් වනු ඇත.

හදිසියේ ඇතිවන ස්වභාවික ආපදා ජනජීවිතයට බලපෑම් ඇති කරනු ඇත.

අස්වනු අඩුවීම හා වගා හානි ඇතිවිය හැකියි.
නිෂ්පාදන කණ්ඩායම
සංස්කරණය: සම්පත් දිසානායක
සහය: අමන්දිකා කුරේ
දෘශ්‍ය නිෂ්පාදනය: ස්වාති ජෝෂි
මූලාශ්‍ර: බීබීසී පර්යේෂණ, ලෝක කාලගුණ සංවිධානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
ඡායාරූප: Getty Images, Google Earth, BBC
පළ කළ දිනය : මැයි 17 වැනිදා