72 හැවිරිදි ඉන්දීය ගෘහණියකගේ කතාව: 'මට හැමදේම ක්‍රිකට් තමයි'

වීඩියෝ ශීර්ෂ වැකිය, 'මට හැමදේම ක්‍රිකට් තමයි' - 72 හැවිරිදි ඉන්දීය ගෘහණියකගේ කතාව
72 හැවිරිදි ඉන්දීය ගෘහණියකගේ කතාව: 'මට හැමදේම ක්‍රිකට් තමයි'

"ක්‍රිකට් ගහන්නේ තරුණ අය විතරයි කියලා කවුද කියන්නේ?"

සෑම සතියකම, ඉන්දියාවේ මුම්බායි හි පිහිටි සර්වශ්‍රේෂ්ඨ ක්‍රිකට් සමාජයේදී, විවිධ වයස් කාණ්ඩවල කාන්තාවන් 300ක් (වයස අවුරුදු 9 සිට 72 දක්වා ) ටෙනිස්-බෝල් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට එක් වෙති. කාර්යබහුල ජීවන රටාවෙන් මිදි විනෝද වීම ඔවුන්ගේ අරමුණයි.