ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'පතල් වැඩ නැති දාට කැලේ යනවා දර කපන්න. මට ඕනා ළමයව හොඳ තැනකට ගෙනියන්න.'
මාතලේ, ලග්ගල පිහිටි මාඔය ගම්මානයේ ජීවත් වෙන 28 හැවිරිදි ඉරේෂා සදමාලි දරුවන් සමග ජීවන අරගලයට මුහුණ දෙන දිරිය කාන්තාවකී.
සැමියාගේ රැකවරණය මෙන්ම හිසට සෙවනක් අහිමි වුව ද ඇය අවුරුදු හයක් වයස සිය දියණිය පෝෂණය කිරීම සඳහා පිරිමින් සමග පතල් රැකියාවේ නිරත වන්නීය. එමෙන්ම පතල් වැඩ නොලැබුණු දිනවල දී දියණිය සමග කැලයට ගොස් දර රැගෙනවිත් අලෙවි කරන්නීය.
''ලයිට් නැති, අලි ඉන්න පැත්තක තාවකාලික තැනක අපි පදිංචි වෙලා ඉන්නේ. මේ ඉඩමේ අයිතිකාරයොත් අපිට යන්න කියනවා. රෑට විතරයි අපි උයන්නේ. කොහොම හරි ළමයට උගන්වලා හොඳ තැනකට ගෙනාවොත් ඇති කියලා තමයි මම කල්පනා කරමින් ඉන්නේ.'' යනුවෙන් ඉරේෂා සදමාලි BBC සිංහල සේවයට පැවසුවාය.