ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'අනේ බුදු බණ එක්ක ජීවත් වෙච්ච දරුවා මගේ. මොනවා හිතෙන්න ඇද්ද?'
කැනඩාවේ, ඔටාවාහි දී කුඩා දරුවන් සිව් දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකික පවුලක සාමාජිකයින් හය දෙනෙකු ඝාතනයට ලක් වීම ගැන ජාත්‍යන්තරයේ ද අවදානය යොමුව තිබේ.
සිය දියණිය සහ ඇගේ දරුවන් ඇතුළු පිරිස අහිමි වීම ගැන මිය ගිය කාන්තාවගේ මව වූ ජයන්ති ඒකනායක BBC සිංහල සේවයට අදහස් පළ කළාය.
''අනේ මගේ කෙල්ල, බුදු බණ එක්ක ජිවත් වෙච්ච දරුවා මගේ. මොනවා හිතෙන්න ඇද්ද ඒ වෙලාවේ. මේ ගේ දොර ගැන කියන කොටත් කියනවා මට නම් මුකුත් එපා අයියට ඔක්කොම දෙන්න කියලා. අපි අද හිටියා, හෙට ගියා. අපි මැරෙන මොහොත කියන්න බෑ අම්මා. එයා නිතරම එහෙම කිවුවා.'' යනුවෙන් ජයන්ති ඒකනායක පැවසුවා ය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති එම පවුල සමඟ ජීවත් වූ 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.