ඊදුල් ෆීතර්: රාමසාන් උත්සවය පැවැත්වෙන දිනය තීරණය කරන්නේ කොහොමද?

The moon

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ රාමසාන් මාසයේ අවසානය ඊදුල් ෆීතර් (රාමසාන් දිනය) ලෙස හැඳින්වෙන වැදගත් ආගමික නිවාඩු දිනයක් මගින් සමරනු ලැබේ, එහිදී, මුස්ලිම්වරුන්ගේ පවුල් එකට එකතු වී ඔවුන් සතු හොඳ ම ඇඳුම් ඇඳ උත්සව පවත්වති. එහෙත්, අහ්මන් ඛවාජා පැහැදිලි කරන පරිදි, එවැනි ප්‍රධාන ගෝලීය උත්සවයක් පවත්වන්නේ කවදා දැයි තීරණය කිරීම පුදුමසහගත ලෙස සංකීර්ණ කර්තව්‍යයකි.

චන්ද්‍රයා සතු බලය

රාමසාන් මාසයේ අවසානය පැමිණෙන විට, ලෝකයේ බිලියන 1.9ක් වන මුස්ලිම්වරුන්ගෙන් බොහෝ දෙනෙක් සාදය ආරම්භ කිරීමට කාලය පැමිණ ඇති බව පවසන ලකුණක් හඳුනා ගැනීම සඳහා පැහැදිලි අහසක් අපේක්ෂාවෙන් බලා සිටිති.

රාමසාන් ලෙසින් ම, එය ද ඇරඹෙන්නේ නව සඳ මුලින් ම දිස්වීමත් සමග ය.

ඉස්ලාම් ධර්මය සඳෙහි කලාවන් (කොටස්) පදනම් කරගෙන චන්ද්‍ර දින දර්ශනය අනුගමනය කරයි. රාමසාන් මාසය ඇරඹෙන්නේ, එම දින දර්ශනයේ 9 වන මාසයේ ය.

සෑම වසරක ම, චන්ද්‍ර දින දර්ශනයේ සෑම මාසයක් ම එය පෙර සූර්ය වර්ෂයේ ඇරඹුණු දිනට දින 11කට පෙර ආරම්භ වේ.

චන්ද්‍ර දින දර්ශනය අනුගමනය කිරීම මුස්ලිම්වරුන්ට ඉතා වැදගත් වන අතර, එය ජනතාව රාමසාන් අත්විඳින ආකාරය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි.

A woman shops for head scarves ahead of the Muslim holiday of Eid al-Fitr in Jakarta

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ රාමසාන් මාසයේ අවසානය ඊදුල් ෆීතර් (රාමසාන් දිනය) ලෙස හැඳින්වෙන වැදගත් ආගමික නිවාඩු දිනයක් මගින් සමරනු ලැබේ, එහිදී, මුස්ලිම්වරුන්ගේ පවුල් එකට එකතු වී ඔවුන් සතු හොඳ ම ඇඳුම් ඇඳ උත්සව පවත්වති.

මුස්ලිම්වරු රාමසාන් සමයේදී නිරාහාරව සිටින අතර, උදෑසන සිට හිරු බැස යන තෙක් ආහාර පාන ගැනීමෙන් වැළකී සිටිති. ඉස්ලාමීය මාස, ඍතු නියම කර ඇති සූර්ය දින දර්ශනය මත පදනම් වූයේ නම්, ලෝකයේ ඇතැම් ප්‍රදේශවල වෙසෙන මිනිසුන්ට දිගු දිවා කාලයක් සහිත ගිම්හානයේදී රාමසාන් උදා වනු ඇති අතර අනෙක් ප්‍රදේශවල එය කෙටි දින සහිත ශීත ඍතුවේදී උදාවනු ඇත.

චන්ද්‍ර දින දර්ශනය අනුගමනය කිරීමෙන්, සෑම මුස්ලිම්වරයෙක් ම ඔවුන්ගේ ජීවිතයේ අවුරුදු 33ක පමණ කාලයක් විවිධ කාලවලදී නිරාහාරව සිටීම අත්විඳිති. (එසේ ම දිගු හෝ කෙටි දෛනික නිරාහාර කාල පරිච්ඡේදයක් ඇත)

ව්‍යාකූලත්වයක්

ඊදුල් ෆීතර් උත්සවය ෂව්වාල් දස වන මාසයේ පළමු දිනට යෙදී ඇත, නමුත් ඉස්ලාම් ධර්මය තුළ එය සැබවින් ම කවදා ද යන්න පිළිබඳව විවාදයක් පවතී.

ඇතැමෙකු චන්ද්‍ර දින දර්ශනය අනුගමනය කරන අතර, තවත් අය නව සඳක් පැමිණීම ප්‍රකාශ කිරීමට තාරකා විද්‍යාත්මක නිරීක්ෂණ භාවිත කරන අතර, මුස්ලිම්වරුන් බහුතරයක් අලුත් මාසයක් සනිටුහන් කරන්නේ සැබවින් ම අඩ සඳක් අහසේ දැකීමෙන් පසුව ය.

මෙය සාමාන්‍යයෙන් සිදු කරනු ලබනුයේ, අහස නිරීක්ෂණය කරන පුද්ගලයන්ට වඩා ඉස්ලාමීය බලධාරීන් විසිනි.

මේ වසරේ ඊද් උත්සවය පැවැත්වෙන්නේ කවදා ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සඳ බැලීමෙන් ඊද් දිනය තීරණය කරන්නන් සඳහා, ඔබ ලෝකයේ සිටින ස්ථානය අනුව එය අප්‍රේල් 9 අඟහරුවාදා හෝ අප්‍රේල් 10 බදාදා ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර, ශ්‍රී ලංකාව තුළ අප්‍රේල් 09 වන දා නව සඳ දැකීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව අද අප්‍රේල් 10 (බදාදා) රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය අප්‍රේල් 9 (ඊයේ) රාත්‍රියේ නිවේදනය කළේ ය.

රාත්‍රී අහසේ සඳෙහි පළමු අඩ සැබවින් ම දැකිය හැක්කේ කවදා ද යන්න මත පදනම්ව චන්ද්‍ර මාසය දින 29ක් හෝ 30ක් දිගු විය හැකි බැවින් මෙය සත්‍යාපනය කිරීමට මුස්ලිම්වරුන්ට තවමත් ඊද් දිනයට පෙර රාත්‍රිය දක්වා රැඳී සිටීමට අවශ්‍ය වී තිබේ.

දේශීය සඳ නිරීක්ෂණය කරන්නෝ හිරු බැස ගිය පසු අහස පීරීමට පටන් ගනිති. ඔවුන් ලෝකයේ කොතැනක සිටියත් රාමසාන් මාසයේ 29 වන දින අඩ සඳ සොයනු ඇත.

ඔවුන් නව සඳ දැකීමෙන් පසු, ඊට පසුව දා ඊද් සැමරුම් පැවැත්වේ.

එසේ නොවුවහොත්, දින 30ක් සම්පූර්ණ කිරීම සඳහා තවත් එක් දිනක් උපවාසයේ නිරත වනු ඇත.

එක්සත් රාජධානියේ නාවික ලිත් කාර්යාලයට අනුව, නව සඳ අප්‍රේල් 9 අඟහරුවාදා සිට 'පහසුවෙන් දැකගත හැකි' වනු ඇත, එනම් ඊද් පළමු දිනය ඊට පසුදා එනම් අප්‍රේල් 10 බදාදාට යෙදෙනු ඇත.

A Malaysian Islamic authority official looks into the night sky

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාව තුළ අප්‍රේල් 09 වන දා නව සඳ දැකීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව අද අප්‍රේල් 10 (බදාදා) රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය අප්‍රේල් 9 (ඊයේ) රාත්‍රියේ නිවේදනය කළේ ය.

සාමාන්‍යයෙන් දිනයක් හෝ දෙකක් ඇතුළත සිදුවුව ද, ලොව පුරා ඊද් දිනයන් කිසිවිටෙක සමාන නොවේ.

උදාහරණයක් වශයෙන්, සෞදි අරාබියේ බලධාරීහු - ඉස්ලාම් ධර්මය උපන් ස්ථානය වූ සුන්නි මුස්ලිම්වරුන් ආධිපත්‍යය දරන රටක් - පියවි ඇසින් සඳ නිරීක්ෂණය කරන ජනතාවගේ සාක්ෂි මත පදනම්ව රාමසාන් උත්සවයේ ආරම්භය සහ අවසානය නිවේදනය කරති.

තවත් රටවල් රැසක වෙසෙන මුස්ලිම්වරු පසුව එය අනුගමනය කරති.

එහෙත්, ෂියා මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන ඉරානය, ඇසින් චන්ද්‍රයා නිරීක්ෂණය කිරීම මත රඳා පවතින රජයේ නිවේදනයකට අවනතව කටයුතු කරයි.

ෂියා මුස්ලිම්වරුන් බහුතරයක් සහ සුන්නි සුළුතරයක් සහිත ඉරාකය, මේ ක්‍රම දෙකෙහි මිශ්‍රණයක් භාවිත කරයි - බලගතු පූජකවරයෙකු වන ග්‍රෑන්ඩ් අයතුල්ලා අලි අල්-සිස්තානිගේ නිවේදනය ෂියා මුස්ලිම්වරුන් අනුගමනය කරන අතර, සුන්නි සුළුතරය තමන්ගේ ම පූජකයන් අනුගමනය කරයි.

මේ අතර, නිල වශයෙන් ආගමික හෝ ආත්මික සංකල්ප සමග සම්බන්ධයක් නොමැති රටක් වන තුර්කිය, රාමසාන් ආරම්භය සහ අවසානය තීරණය කිරීම සඳහා තාරකා විද්‍යාත්මක ගණනය කිරීම් භාවිත කරයි.

වෙනත් මුස්ලිම් රටවල චන්ද්‍රයා නිරීක්ෂණය කිරීම මත පදනම් වුව ද, යුරෝපයේ, බොහෝ මුස්ලිම්වරු ඔවුන්ගේ ම ප්‍රජා නායකයින්ගේ නිවේදන ලැබෙන තුරු බලා සිටිති.