ඇමෙරිකාව කැළඹූ මිල්ටන් සුළි කුණාටුව: ගුවනේ සිට පෙනුණු හැටි (වීඩියෝ)

වීඩියෝ ශීර්ෂ වැකිය, නාසා විද්‍යාඥයින් විසින් ගන්නා ලද මිල්ටන් සුළි කුණාටුවේ දර්ශන
ඇමෙරිකාව කැළඹූ මිල්ටන් සුළි කුණාටුව: ගුවනේ සිට පෙනුණු හැටි (වීඩියෝ)

මිල්ටන් සුළි කුණාටුව ෆ්ලොරිඩා දෙසට ගමන් ගන්නා අයුරු දැක්වෙන දර්ශනීය ඡායාරූප පෙළක් විද්‍යාඥයන් විසින් අභ්‍යවකාශයේ සිට ලබාගෙන ඇත.

නාසා ගගනගාමී මැතිව් ඩොමිනික් ඩ්‍රැගන් විසින් එන්ඩෙවර් අභ්‍යවකාශ යානයේ සිට කුණාටුවෙහි විශාලත්වය පෙන්වන ටයිම්ලැප්ස් වීඩියෝවක් ද ගෙන තිබේ.

ඇමෙරිකාවේ ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය සඳහා දත්ත රැස් කිරීම උදෙසා, පැයට සැතපුම් 160 (පැයට කිලෝමීටර් 270) සුළං වේගයකට මුහුණ දෙමින් ‘හරිකේන් හන්ටර්ස්’ කාර්ය මණ්ඩලය මිල්ටන් සුළි කුණාටුවෙහි ඇස ලෙස හැඳින්වෙන නාභිය වෙත නිර්භීතව ගුවන් යානයක් පියාසර කරනු ලැබීය.

“මිස් පිගී" නම් ගුවන් යානයේ සිටි කාර්ය මණ්ඩලය අතර මධ්‍යම ෆ්ලොරිඩාවේ කොන්ග්‍රස් සභික මැක්ස්වෙල් ඇලෙහැන්ඩ්‍රෝ ෆ්‍රොස්ට් ද විය. පැය අටක ගුවන් ගමන අතරතුර ඇති වූ කැළඹීම ඔහු විස්තර කළේ "අතිශයින්ම තීව්‍ර" ලෙස ය.

වීඩියෝ ශීර්ෂ වැකිය, දැඩි ගුවන් කැළඹීම්වලට හසුවූ හරිකේන් හන්ටර්ස් කාර්ය මණ්ඩලය රැගත් ගුවන් යානය

මිල්ටන් සුළි කුණාටුව මෙක්සිකෝ බොක්ක හරහා ගමන් කරන අයුරු දැක්වෙන ඡායාරූප ලන්ඩනය මූලස්ථානය කරගත් මාධ්‍ය සමාගමක් වන සෙන් විසින් නිකුත් කරනු ලැබීය. මෙම දර්ශන රූගත කර ඇත්තේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඇති සෙන් සමාගමට අයත් 4K කැමරා භාවිතයෙන් ය.

වීඩියෝ ශීර්ෂ වැකිය, මිල්ටන් චණ්ඩ මාරුතයේ ඇස ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට දිස්වූ අයුරු