කාන්තාවන්ට වඩාත් ආරක්ෂිත රටවල් පහක්

ඡායාරූප මූලාශ්‍රය, D3sign/Getty Images
සංචාරයට පැනවී තිබු දීර්ඝ වසංගත විවේකයෙන් පසු ව, මිනිසුන් සහායකයෙක් සූදානම් වන තුරු බලා සිටින්නේ නැත. තනි ව සංචාරයේ යෙදීමට ඇති කැමැත්ත ලෝකය පුරා ම, විශේෂයෙන් ම කාන්තාවන් අතර වර්ධනය වෙමින් පවතියි.
නෝර්වීජියානු යාත්‍රා සමාගමක් සිදු කළ පර්යේෂණයකින් සොයාගෙන තිබෙන්නේ තිදෙනෙකුගෙන් එක් අයෙකු තනි ව සංචාරය කිරීමට වඩා කැමැත්‍තක් දක්වන අතර වැඩිහිටි කාන්තාවන් විශේෂයෙන් ම මෙම ප්‍රවණතාවය මෙහෙයවන බවයි. Virtuoso සංචාරක ජාලයේ අභ්‍යන්තර පර්යේෂණයකට අනුව, 2022 දී තනි ව සංචාරය කිරීමේ විශාල වර්ධනයක් පැමිණ තිබෙන්නේ වයස 65 හෝ ඊට වඩා වැඩි කාන්තාවන්ගෙන් ය. ඔවුන් 2019 දී තනි ව සංචාරය කරන්නන්ගෙන් 4%ක් පමණක් වූ අතර, 2022 දී ඔවුන් තනි සංචාරකයන්ගෙන් 18%ක් වී තිබේ.
තනි ව සංචාරය කිරීමේ ප්‍රවණතාව වර්ධනය වෙමින් තිබුණ ද, කාන්තාවෝ තනි ව එතෙර යාමේ දී තවමත් විශේෂිත වූ ගැටලුවලට මුහුණ දෙති. ලෝකයේ සෑමතැනම කාන්තාවන්ට සංචාරය කිරීමට ආරක්ෂිත විය යුතු වුවත්, ලෝකයේ සෑමතැනක ම තවමත් වෙනස්කොට සැලකීම සහ ආරක්ෂාව පිළිබඳ ගැටලුවලට කාන්තාවන් තවමත් මුහුණ දීම යථාර්ථයයි. එසේ වෙතත්, බොහෝ රටවල් කාන්තාවන්ගේ ආරක්ෂාව වැඩිදියුණු කිරීමටත්, සිය රට තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් කාන්තා පදිංචිකරුවන් දක්වන ආකල්ප මැනීමටත් යන දෙකට සාමූහික උත්සාහයක් දරා ඇත.
සංචාරයේ යෙදෙන කාන්තාවන්ගේ ආරක්ෂාව සහ සමානාත්මතාව පිළිබඳ ව වඩා ප්‍රගතියක් අත්කරගෙන ඇති ස්ථාන සොයා ගැනීම සඳහා අප ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයයේ කාන්තාවන්ගේ සාමය සහ ආරක්ෂාව පිළිබඳ දර්ශකය (WPS), ලෝක ආර්ථික සංසදයේ ලෝක පුද්ගල සමාජභාවයේ පරතරය පිළිබඳ වාර්තාව සහ ආර්ථික විද්‍යා සහ සාමය සඳහා ආයතනයේ ලෝක සාම දර්ශකය (PGP) සලකා බලා තිබේ. ඉන්පසුව, ශ්‍රේණිගතකිරීම්වලින් ඉහළින් ම සිටින රටවල තනි ව සංචාරය කළ කාන්තාවන් සමග සාකච්ඡා කළේ, ඔවුන්ට ආරක්ෂිත බවක් දැනුණු දේවල් මොනවාද කියා අවබෝධ කරගැනීමට, ඔවුන්ගේ ම සංචාරක උපායවලට සවන් දීමට සහ නැරඹීමට හොඳම දේවල් මෙන් ම තනි ගවේශකයෙකු ලෙස සිදු කළ හැකි දේ පිළිබඳ ව සොයා බැලීමටයි.

ඡායාරූප මූලාශ්‍රය, DavorLovincic/Getty Images
ස්ලෝවේනියාව
මධ්‍යම සහ නැගෙනහිර යුරෝපයේ WPS ශ්‍රේණිගතකිරීමේ ඉහළින් ම සිටින ස්ලෝවේනියාව, මෑතකාලීන වසරවල කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳ දැක්මේ විශාල වර්ධනයක් ලබා ඇති අතර, ශ්‍රේණිගතකිරීමට අනුව 85%ක් කාන්තාවන්ට මෙහි දී ආරක්ෂිත හැඟීමක් දැනේ.
ක්ලෙයාර් රැම්ස්ඩෙල් පළමුවරට ස්ලෝවේනියාවේ ප්‍රධාන සහ විශාල ම නගරය වන ලුබියානා වෙත පැමිණි විට දී, ඇය ඡායාරූප ගනිමින් රාත්‍රියේ වීදිවල සැරිසැරුවා ය.
"මේක වෙනත් තැනක දී අන්තරායකර අත්දැකීමක් වෙන්න තිබුණත්, මේ වෙලාවෙ දි ඒක නියම දෙයක් වුණා,"යි 'වයිල්ඩ්ලෑන්ඩ් ට්‍රෙකින්ග්' හි ගවේශන උපදේශිකාවක් වන සහ 'ද ඩීටුවර් ඉෆෙක්ට්' සංචාරක බ්ලොගය පවත්වාගෙන යන රැම්ස්ඩෙල් පැවසුවා ය. "රට ඇතුළෙ මම සිටි කාලයේ දී කවුරුත් මට කිසිම බාධාවක් කළේ නෑ වගේ ම මට පාරවල් හොයාගන්න, භාෂා බාධකයක් හෝ ඔබ තනි කෙනෙක් කියලා අඳුරගත්තට පස්සෙ බය වද්දන්න පුළුවන් කිසිම දෙයක් ගැන ගැටලුවක් තිබුණෙ නෑ."
නගරය ඇවිද යාමට වඩා සුදුසු බවත්, රටපුරා ප්‍රවාහනය විශ්වාසවන්ත සහ පුළුල් බවත් ඇය සොයාගෙන තිබේ. සමාන අදහස් ඇති අය සමග එකතු වීමට කැමති අයට 'ලුබියානා යම් ෆුඩ් ටුවර්ස්' සහ 'ෆුඩ් ටුවර් ලුබියානා' ඇය නිර්දේශ කරයි. කණ්ඩායමක් ලෙස හෝ තනි ව සිටිය ද, "හොඳ ම අතුරුපසවලින් එකක්," ලෙස ඇය පවසන, මෝජි ස්ට්‍රකර්ජි වෙතින් පිර වූ පිටි ගුලියක් ලෙස පිළිගන්වන, බඩඉරිඟු වොල්නට් ස්ට්‍රකර්ජි ඇණවුම් කළ යුතු බව සහ කකාඕහි ලෝක ප්‍රසිද්ධ ජෙලාටෝ (අයිස්ක්‍රීම් වර්ගයක්) උත්සාහ කළ යුතු බව ඇය පවසයි.
දැඩි ආශා ඇති කඳු නගින්නියක් ලෙස, රැම්ස්ඩෙල් ස්ලෝවෙනියාවට විශේෂයෙන් ම පැමිණියේ රටපුරා ඇති විශාල එළිමහන් සහ උස් කඳුමුදුන් සොයා යාමට වන අතර, ඔවුන් හුදෙකලාවේ සහ ආරක්ෂාවෙ කදිම සංයෝජනයක් ලබා දෙන බව ද සොයා ගන්නා ලදි. "මම වනාන්තරයක ඉන්නවා කියලා මට නිතර ම දැනුනත්, මොකක් හරි හදිසි අවස්ථාවක් ආවොත් ළඟ ම නගරයක් තියෙන බවත් නිතර ම දැනගෙන සිටියා,"යි රැම්ස්ඩෙල් පැවසුවා ය. "මට සම්පූර්ණයෙන් ම තනිවෙලා කියලා දැනුනේ නෑ, ඒක මගේ මනසට සැනසීමක් ගෙන ආවා."
ඉතාලි දේශසීමාවට ආසන්නයේ රටේ බරහිර පැත්තට වන්නට පිහිටා ඇති සහ "ක්‍රොනිකල්ස් ඔෆ් නානියා" චිත්‍රපටයේ රූගත කිරීමේ ස්ථානයක් වූ නිල්වන් සෝකා ගඟ අසල නතර වීමට ඇය අමුත්තන්ට නිර්දේශ කරයි. කඳු නගින්නන්ට සාමකාමී ව ජලයේ ඇවිදයාම විඳගැනීමට හැකි අතර, මෝටර් රථවලින් ගමන් ගන්නා අයට පවා ගඟ හරහා ඉහළින් එල්ලෙන පදික පාලම් වෙත යා හැකි ය.

ඡායාරූප මූලාශ්‍රය, Michael Cook - Altai World Photography/Getty Images
රුවන්ඩාව
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
WPS වාර්තාවට අනුව, පාර්ලිමේන්තුවේ 55%ක කාන්තා නියෝජිතයන් සිටින රුවන්ඩාව, පාර්ලිමේන්තුවේ පුද්ගල සමාජභාවය පිළිබඳ සමානාත්මතාවය අතින් ලෝකයේ පළමු ස්ථානයේ රැඳී සිටියි. එය මහජන ආරක්ෂාව පිළිබඳ දර්ශකයේ ද ඉහළින් ම රැඳී සිටින අතර; ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය සහ දේශපාලන සහභාගීත්වය යන කොන්දේසිවලින් රටක් කෙතරම් සමානාත්මතාවයකින් යුක්ත ද යන්න මනිනු ලබන ලෝක පුද්ගල සමාජභාවයේ පරතරය පිළිබඳ ශ්‍රේණිගතකිරීමේ ද ලෝකයෙන් ම හයවන ස්ථානයේ තිබේ.
රෙබේකා හැන්සන් මෙය පළමුවෙන් ම දුටුවේ ඇය 2019 දී ඩෙන්මාර්කයේ සිට රුවන්ඩාවට ගිය අවස්ථාවේ දී වන අතර තනි ව සංචාරය කිරීමට එය අතිශයින් ම ආරක්ෂිත බව සොයාගත්තා ය. "දවාලෙත් රාත්‍රියේත්, හැම වෙලාවක ම, හැමතැනක ම වගේ පොලිසිය, ආරක්ෂක අංශ සහ හමුදාවන් ඉන්නවා," ඇය පැවසුවා ය. "ඒකට මුලින් ම බය හිතෙන්න පුළුවන් වුණත්, මේ නිල ඇඳුම් සියල්ල ම නිතර ම ඔබට උදවු කිරීමට කැමති මිත්‍රශීලී අය කියලා ඔබ ඉක්මනින් ම දැනගන්නවා."
ඇය පවසන්නේ සාමාන්‍යයෙන් මිනිසුන් ඔබට බාධා නොකරන නමුත්, විශේෂයෙන් ම පාසල් ළමුන් සමග ඉඳහිට "ඔයාට කොහොමද?" හෝ "සුබ උදෑසනක්!" වැනි ඔවුන්ගේ ඉංග්‍රීසි කතා කළ හැකිවනු ඇති බවයි. ඉංග්‍රීසි සහ ප්‍රංශ රුවන්ඩාවේ නිල භාෂා වන අතර, කින්යර්වන්ඩා සහ කිස්වහීලි (එනමැ'ති රුවන්ඩාවේ භාවිත වන තවත් භාෂා දෙකක්) සමගින් එහි භාෂාමය බාධාවන් අවම කරයි. ඉංග්‍රීසි කතා නොකරන පුද්ගලයන් පවා ඔබ අතරමං වූ විට සතුටින් උදවු කරන බව හා මාර්ගය පෙන්වා දෙන බව ඇය පැවසුවා ය.
1994 ටුට්සි ජන සංහාරයෙන් පසුව, සාමය සහ සමථකරණ වැඩ සඳහා රුවන්ඩාව දිගු කාලයක් තිස්සේ මූලිකත්වය ලබා දී තිබේ. රටේ ස්මාරකයන් කිහිපයක් තිබෙන නමුත්, මෙහි ජන සංහාරය පමණක් නිරූපණය නොකරන, ලොව පුරා ඇති අනෙකුත් නිදසුන් සහ ලෝකය තවමත් මුහුණ දෙන මෙම තර්ජනයේ අන්තරායදායක බව පෙන්වන අගනගරයේ කිගාලි ජනසංහාර ස්මාරකයේ අත්දැකීම විඳගැනීමට හැන්සන් අමුත්තන්ට යෝජනා කරයි.
එය අධික මිලක් දැරීමට සිදුවන දෙයක් වුව ද, ඕනෑ ම සංචාරකයෙකු විසින් රටේ කඳුකර ගෝරිල්ලන් නැරඹීම සිදු කළ යුතු ය; නමුත් හැන්සන් වඳුරන් නැරඹීමට නිර්දේශ කරන්නේ නිරිතදිග ඇති න්‍යුන්ග්වේ ජාතික වනෝද්‍යානය සහ උතුරේ ඇති ජාතික ගිනිකඳු උද්‍යානය හෝ රියපැදවීමේ ක්‍රීඩා සඳහා නැගෙනහිර ප්‍රදේශයේ ඇති අකාගේරා ජාතික වනෝද්‍යානයයි.

ඡායාරූප මූලාශ්‍රය, Jorg Greuel/Getty Images
එක්සත් අරාබි එමීර් රාජ්‍යය
කාන්තාවන්ගේ පාසල් අධ්‍යාපනය සහ මූල්‍ය අන්තර්ග්‍රහණය අතින් මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාව තුළ WPS දර්ශකයේ වැඩිම ලකුණු ලබා ගනිමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය පුද්ගල සමාජභාවයේ සමානාත්මතාව අතින් කලාපයේ නියමුවා බවට දිගට ම පත් වී සිටින අතර මෑතක දී එහි පාර්ලිමේන්තුව පුද්ගල සමාජභාවයේ සමත්වය ළඟා කරගත්තේ ය. වයස අවුරුදු 15 හෝ ඊට වැඩි කාන්තාවන්ගෙන් 98.5%ක් "[ඔවුන්] ජීවත් වන නගරයේ හෝ ප්‍රදේශයේ රාත්‍රියේ තනිව ම ඇවිද යාමට ආරක්ෂිතබව දැනෙන," බවට වාර්තා කරන අතර මහජන ආරක්ෂාව පිළිබඳ ශ්‍රේණිගත කිරීමේ සියලු රටවල් අතරින් ඉහළින් ද සිටියි.
සංචාරක රක්ෂණ සමාගමක් වන 'Insure My Trip'හි ශ්‍රේණිගතකිරීමට අනුව, තනි කාන්තා සංචාරකයන් සඳහා විශේෂයෙන් ම ඩුබායි නගරය ආරක්ෂිත ම නගරය ලෙස ශ්‍රේණිගතකර තිබේ.
පැරිස් හි සහ ඩුබායි හි සිය කාලය බෙදාගෙන ජීවත්වන බලපෑම්සහගත පුද්ගලයෙකු වන සැන්ඩි අවාඩ් පවසන්නේ නගරයේ, නගරයෙන් පිටත පවා ඇවිද යාමේ දී නිතර ම ඇයට ආරක්ෂිත හැඟීමක් දැනුණු බවයි. "එකපාරක් මගේ ටයර් එකේ හුළං ගියා. යතුරුවලින් ඇතුළේ දොරවල් ඇරලා කාන්තාරෙ මැද්දෙ මම කාර් එක දාලා ආවා," ඇය පැවසුවා ය. "මම හොඳට ම දැනගෙන සිටියා මාව ගන්න එන ටැක්සිය මට විශ්වාස කරන්න පුළුවන් සහ මගේ කාර් එකත් ආරක්ෂිත ව තියේවි කියලා."
තනි ව සංචාරය කරන්නන් සඳහා, කාන්තාරයේ සෆාරි චාරිකා යාම වෙන්කරගැනීමට ඇය නිර්දේශ කරන්නේ, විවිධාකාරයේ සිත් ඇදගන්නාසුළු පුද්ගලයන් මුණ ගැසීමට එය ඉතා පහසු මාර්ගයක් වන නිසා ය. නමුත් ඔබට වඩා නිර්භීත බවක් දැනෙන්නේ නම්, ඇය පාම් ඩ්‍රොප්සෝන් හි ස්කයිඩයිවින් කිරීමට පුද්ගලික ව කැමති වූවා ය.

ඡායාරූප මූලාශ්‍රය, D3sign/Getty Images
ජපානය
ලෝක සාම දර්ශකයේ ලෝකයේ හොඳ ම රටවල් දහය අතරින් පළමු ස්ථානය සිටින එහි, බාහිර හෝ අභ්‍යන්තර ගැටුම්වල අතිශයින් ම අඩු හිංසන අපරාධ අනුපාතයක් ඇති අතර, ජපානයේ කාන්තාවන්ට පමණක් වූ උමං මාර්ග කාර් රථ සංස්කෘතියක් (ඇතැම් වෙලාවල්වල දී සහ මාර්ගවල) තිබෙනවා මෙන් ම, කාන්තාවන් සඳහා පමණක් නවාතැන් ලබාදීම, තනිව සංචාරය කරන කාන්තාවන්ට වැඩි ආරක්ෂිත හැඟීමක් ලබා දීමට හැකි ය.
තනි ව ආහාර ගැනීම සහ තනි ව සිදු කරන ක්‍රියාකාරකම් ද වෙනත් තැන්වලට වඩා මෙහි දී වඩාත් සංස්කෘතියේ සම්මත දෙයකි. ජපානයේ ඉපදුණු සහ 'චැප්ටර් වයිට්' සංචාරක සමාගමේ ආරම්භකයා වන මීකා වයිට් පැවසුවේ "ජනගහණය අඩුවීම, මිනිසුන් විවාහ වීමට බලාපොරොත්තු නොවීම සහ අපගේ 'තනි ව (ගෙවන) කාලය,' සංස්කෘතියක් ලෙස පෝෂණය කිරීම වැනි බොහෝ දේ "තනි ව" සංචාරය කිරීමේ පසුබිමේ තිබෙන" බව යි. "සඟරාවල නිතර ම යන්නෙ හොඳ ම තනි කැරොකේ, තනියෙන් යන්න පුළුවන් රාමෙන් කඩ සහ තනියෙන් නාන්න යන්න පුළුවන් තැන්."
වසර 20කට පෙර ඉන්දුනීසියාවේ සිට මෙහි පැමිණි ලුලූ අසාගාෆ්ට මෙහි පැමිණි වහා ම ආරක්ෂිත හැඟීමක් දැනී තිබේ. "ප්‍රදේශයේ ජීවත්වන අය ඔබට ගෙදර ඉන්නවා වගේ දැනෙන්නට දෙනවා වගේ ම ආගන්තුකයන්ට උදවු කරන්නත් කැමතියි," යැයි වර්තමානයේ Intrepid Travel හි සංචාරක නායකයෙකු වශයෙන් සේවය කරන අසාගාෆ් පැවසුවා ය. කෙසේවුවත්, ඔබ වඩාත් ග්‍රාමීය ප්‍රදේශවල සංචාරය කරන්නේ නම්, ඉංග්‍රීසි කතා කිරීමට අඩු වියහැකි නිසා මඟපෙන්වන්නෙකු සමග යාමට ඇය නිර්දේශ කරයි.
මෙහි තනි ව ආහාර ගැනීම සාමාන්‍යයක් නිසා, විශේෂයෙන් ම කියෝතෝ, ඔසාකා සහ තෝකියෝ හි ආහාර දර්ශනයන් පරීක්ෂා කිරීමට අසාගාෆ් නිර්දේශ කරයි. තෝකියෝ හි ඇගේ ප්‍රියතම ස්ථානය වන්නේ බොහෝ ආපනශාලා ඇති, රාත්‍රී ක්‍රියාකාරකම් සහ දේශීය ඉසකයා (සමාජශාලා වල ජපන් ආකාරය) ඇති ශින්කුජු සැන්-චොම් ප්‍රදේශයයි.
සාමාන්‍ය සංචාරක ස්ථානවලින් පිටත අවදානමක් ගැනීමට කැමති අමුත්තන් සඳහා ඇය, සමුරායිවරුන්ගේ නිවහන ලෙස හඳුන්වන වෙරළබඩ නගරයක් වන කනසාවා සහ ජපන් ඇල්ප්ස් කඳුමුදුන් හි පිහිටි තකයාමා නිර්දේශ කරයි. "තකයාමාවල සුන්දර සාම්ප්‍රදායික ගෘහ නිර්මාණශිල්ප සහ සකේ පෙරන තැන් තිබෙනවා," ඇය පැවසුවා ය. 1926 සිට 1989 දක්වා හිරෝහිතෝ අධිරාජ්‍යයාගේ පාලන කාලයේ පොප් සංස්කෘතික මෙවලම් ප්‍රදර්ශනය කරන තකයාමා ශෝවා-කැන් කෞතුකාගාරය ද ඇය නිර්දේශ කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Johner Images/Getty Images
නෝර්වේ
කාන්තා මූල්‍ය අන්තර්ග්‍රහණය, නෛතික ව වෙනස්කොට සැලකීම් නොමැතිවීම සහ කාන්තාවන්ගේ සමාජ ආරක්ෂාව අතින් WPS ශ්‍රේණිගතකිරීමේ ඉහළ ම ලකුණු ලබා අංක එකේ රැඳී සිටින සහ, ලෝකයේ පුද්ගල සමාජභාවය පිළිබඳ සාධාරණත්වය සහ ප්‍රීතිමත් ම රටවල් අතින් ඉහළ ම දහයේ නිත්‍ය ලෙස ම රැඳී සිටින නෝර්වේ, LGBTQ+ සහ තනි සංචාරකයන් ඇතුළු සියලු ආකාරයේ සංචාරකයන්ට පැමිණිය හැකි ස්ථානයක් බවට ඔප්පු වී තිබේ.
ඔස්ලෝ හි පදිංචි 'අප් නෝර්වේ' හි ආරම්භක ටූරන් ට්‍රොන්ස්වැන්ග් සඳහන් කරන්නේ, සංස්කෘතිය සමාජීය ලෙස ඉවසිලිවන්ත සහ විශ්වාසදායක වීම, එය තනි කාන්තාවන් සඳහා සුදුසු ම ස්ථානයක් බවට පත් කර ඇති බවයි. "ඔයා රෙස්ට්රූම් එක පාවිච්චි කරන්න යන අතරතුර ඔයාගෙ දේවල් දිහා බලාගෙන ඉන්න කියලා ළඟ ම මේසයක ඉන්න කෙනෙක්ගෙන් හරි ම පහසුවෙන් ඔයාට අහන්න පුළුවන්," ඇය පැවසුවා ය. ආහාර ගැනීමට සහ නැවතී සිටීමට රටපුරා ග්‍රාමීය ප්‍රදේශවල සුන්දර ස්ථාන නිර්මාණ කර කාන්‍තාවන් කොපමණ ප්‍රමාණයක් මෙහි ව්‍යාපාර පවත්වාගෙන යනවා ද යන්න පිළිබඳ ව ද ඇය ආඩම්බර වේ.
සංචාරයෙන් වඩාත් හොඳ ම දේවල් ලබා ගැනීමට, විශාල එළිමහන්වල ජීවත්වීමේ දර්ශනයක් වන "ෆ්‍රිලෆ්ට්ස්ලිව්" නෝර්වීජියානු සංකල්පය වැළඳගැනීමට ට්‍රොන්ස්වැන්ග් සංචාරකයන්ව දිරිමත් කරයි.
2025 වන විට සූර්ය ක්‍රියාකාරීත්වයේ වැඩිවීමක් නාසා ආයතනය විසින් වාර්තා කිරීමත් සමග, ආක්ටික් වෘත්තයේ උතුරු එළි නැරඹීමට, සුනඛ හිමයානවල යාම සහ දිනය පුරා හිමසපත්තු ක්‍රීඩා කිරීමට මෙන් ම පවුල් විසින් පවත්වාගෙන යන ඉග්ලූ සහ අයිස් ආපනශාලාවල රාත්‍රියට රැඳී සිටීමට එය වඩාත් සුදුසු ම වේලාව විය හැකි ය.











