ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාස්කු ඉරුදින ප්‍රහාරය: අබු හින්ද්ට උඩින් බුද්ධි අංශ ප්‍රධානීන් සිටි බව පොලීසිය භාර ඇමති කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති දින දෙකක විවාදයේ දී විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු ප්‍රශ්න කළ අබු හින්ද් නමැති පුද්ගලයාට ඉහළින් බුද්ධි ප්‍රධානීන් සිටි බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද (සැප්තැම්බර් 22) සිය පිළිතුරු කතාවේ දී සදහන් කළේය.
එමෙන්ම 'පොඩි සහරාන්' සමග කටයුතු කළ 'සොනික් සොනික්' යන කේතයෙන් හැඳින් වූ පොලිස් පරීක්ෂක බණ්ඩාර රට හැර ගොස් නොමැති බවත් ඔහු තවමත් සේවයේ සිටින බව ද ඔහු පැවසුවේය.
ටාජ් හෝටලයේ බෝම්බය පුපුරවා ගැනීමට ගොස් එම ස්ථානයෙන් ඉවතට පැමිණි ජමීල්ට දුරකථන ඇමතුම් ලබා දී තිබුණේ සුරේෂ් සලේ නොව ජමිල්ගේ බිරිඳ බවත් ටිරාන් අලස් සිය පිළිතුරු කතාවේ දී සඳහන් කළේය.
පාස්කු ඉරුදින ප්‍රහාරය සහ එහි විමර්ශන සම්බන්ධයෙන් පවතින සැක සහිත තත්ත්වයන් ගැන විපක්ෂයේ මන්ත්‍රීවරු දිගින් දිගටම ප්‍රශ්න මතු කළහ.