ශ්‍රී ලංකාවේ ආහාර නීරස ද? - ට්විටර්හි යුද්ධයක්

Sri Lankan Foods

ඡායාරූප මූලාශ්‍රය, Nayomini Weerasooriya| Twitter

ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණ සිටින මාධ්‍යවේදියෙකු වන ඩෑන් කයියුම් විසින් මෙරට ආහාර පාන පිළිබඳව මීට දින කිහිපයකට පෙර පළකරන ලද ට්විටර් සටහනක් සම්බන්ධයෙන් ලාංකික සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් ප්‍රතිචාර දක්වන ලද සමාජ මාධ්‍ය ප්‍රතිචාර හේතුවෙන් පසුගිය සති අන්තය උණුසුම් වී තිබුණි.

මේ හේතුවෙන් පසුගිය දින කිහිපය පුරා #StringhopperDan #SriLankanFood යන හෑෂ් ටෑග් මෙරට ට්විටර් සමාජ මාධ්‍යය තුළ ඉහළ නැඹුරුතාවෙන් යුත් සෙවුම් පද ලෙස සටහන් විය.

මාධ්‍යවේදි ඩෑන් කායියුම් පසුගිය සතියේ දී, "කණගාටු යි, ලංකාවේ කෑම නම් ජරාවක්. නමුත් මිනිස්සු නම් ආදරණීය යි," යනුවෙන් ටිවිටර් සටහනක් තබා තිබුණි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 1

එමෙන්ම ඔහු විසින් තවත් ටිවිටර් සටහනක් තබමින් චෝදනා කළේ ශ්‍රී ලංකාවේ බොහෝ ආහාර අලෙවිසැල්හි විකිණීමට ඇති ආහාර පානවලින් 90%ක් පමණම සීත වූ, පරණ ආහාර බව යි.

බොහෝ අවන්හල්වල දේශීය කෑමක් නොමැතිව මෙනුපත් ඇති බවත්, ඒ වෙනුවට චීන හෝ බටහිර කෑම වර්ග තිබෙන බවත් ඔහු චෝදනා කර තිබුණි.

"වඩාත්ම නිර්දේශිත කෑමක් වුණේ ඉඳිආප්ප (ඉඳි ආප්ප පිඟානක පින්තූරයක් සමග). කවුරුවත් මේ ගැන උද්යෝගිමත් වෙන්නේ කොහොමද?" ඔහු ප්‍රශ්නකර සිටියේ ය.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 2

මාධ්‍යවේදී කයියුම් ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ පළකළ මෙම සටහන් දෙකට මෙරට මෙන්ම විදෙස් සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් ද අදහස් දක්වා තිබුණි.

මෙරට මාධ්‍ය ආයතනයක සේවය කරන මාධ්‍යවේදිනියක වන මෙත්මලී දිසානායක අදහස් දක්වමින් සඳහන් කළේ, එවැනි අත්දැකීමක් අත්විදීමට සිදුවීම ගැන තමන් කණගාටු වන බවයි.

"ඔබට මෙම අත්දැකීම ලැබීම ගැන මට කණගාටුයි. නමුත් අපට මෙහි විශිෂ්ට ආහාර තිබේ. ප්‍රශ්නය තියෙන්නේ තායිලන්තයේ වගේ සංචාරකයන්ට රසවිඳින්න පුළුවන් ආහාර සංස්කෘතියක් අපිට නැතිකම. අපේ දේශපාලඥයන් මේ ගැන අවධානය යොමු කරයි කියලා හිතනවා. සංචාරක ඇමති @‌fernandoharin මෙයට ටැග් කරනවා. ප්‍රතිචාරය ගැන ස්තුතියි," ඇය පවසා තිබුණි.

Methamalie Dissanayake tweet on Dan Qayyum tweet

ඡායාරූප මූලාශ්‍රය, Twitter

තවත් ට්විටර් පරිශීලකයෙක් ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආහාර සම්බන්ධයෙන් දැන ගැනීමට මෙරට විදේශයක වසන ශ්‍රී ලංකික සම්භවයක් ඇති සූපවේදියෙකු වන පීටර් කුරුවිට දායකත්වය දැක්වූ "My Sri Lanka with Peter Kuruvita” රූපවාහිනි වැඩසටහන නරඹන ලෙසයි.

Suresh Benjamin tweet on Dan Qayyum tweet

ඡායාරූප මූලාශ්‍රය, Twitter

මේ අතර තවත් පරිශීලකයෙක් වූ නාමල් අබේවික්‍රම ට්විටර් සටහනක් තබමින්, "තමන් පක්ෂග්‍රාහි විය හැකි වුවත්, මෙතරම් රසවත් ආහාර ලෝකයේ වෙන කොහෙවත් නොමැත" යනුවෙන් ප්‍රකාශ කර තිබුණි.

Namal Abhayawickrama tweet on Dan Qayyum tweet

ඡායාරූප මූලාශ්‍රය, Twitter

ඩෑන් කයියුම්ගේ ට්විටර් සටහනට පිළිතුරු දෙමින් අයර්ලන්තයේ වෙසෙන පරිසරවේදීනියක් වන ඒමි ස්කෝස් මෙසේ ප්‍රකාශ කර තිබුණි: "ඔහු මෙතරම් අසීරුතාවට පත්ව අත්තේ මන්දැ යි නොදනිමි. මම ලංකාවට එන සෑම විටම රසවත් කෑම සොයාගන්නවා. සංචාරකයින්ට වෙන්වන ස්ථානවල මිල ගණන් පවා සාධාරණයි."

Amy Skuce tweet on Dan Qayyum tweet

ඡායාරූප මූලාශ්‍රය, Twitter

ඉඳි ආප්ප ආහාරයට ගැනීමේ දී ඊට වෑංජන ද එක්කර ගත යුතු බවත්, හොද ආහාර ඇති ස්ථාන සොයා ගැනීමට අදාළ ප්‍රදේශයේ වෙසෙන පුද්ගලයින්ගේ නිර්දේශ ලබා ගත යුතුබවත් තවත් තැනැත්තියක ප්‍රකාශකර තිබුණි.

Yasangi Randeni tweet on Dan Qayyum tweet

ඡායාරූප මූලාශ්‍රය, Twitter

කැනඩාවේ වෙසෙන තවත් ටිවිටර් පරිශීලකයෙකුගේ අදහසක්: "මම ඔබත් එක්ක ඉන්නවා. මේ රටේ තිබෙන මුහුදු ආහාර සම්පත් හා ස්වභාවික පලතුරු ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාව අනෙක් රටවල ඇති විවිධ ප්‍රණීත ආහාර වර්ගවලට සමාන මට්ටමකට ළඟා වී නැහැ. මම මේ රටින් (ලංකාවෙන්) ආවට පස්සේ මට එහෙම හිතුණා.

"ඊට ප්‍රධාන හේතුව වන්නේ ශ්‍රී ලංකාවේ බහුතරයක් දෙනා බාහිර ලෝකයට නිරාවරණය නොවීම බව යි මා සිතන්නේ.

"හිතවත් ශ්‍රී ලාංකිකයිනි, අපට මීට වඩා හොද දෙයක් කළ හැකියි. සමහර විවේචන ධනාත්මකව ගන්න," ඔහු සඳහන් කර තිබුණේ ය.

Suba V tweet on Dan Qayyum tweet

ඡායාරූප මූලාශ්‍රය, Twitter

මේ අතර ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් ද ටිවිටර් සටහනක් තබමින් මෙසේ සඳහන් කළේ ය.

"මගේ අත්දැකීමට අනුව, ශ්‍රී ලාංකිකයන් ආහාර සඳහා සාමාන්‍යයෙන් අකමැත්තක් දක්වන බවත්, ඔවුන්ගේ ආහාර රස අඩු හෝ රස රහිත බව පැවසීමත් හරියට ශ්‍රී ලාංකිකයන් ක්‍රිකට් ගැන කිසිසේත් තැකීමක් නොකරනබව කීම තරම් නිවැරදියි," යනුවෙන් ඔහු ප්‍රකාශකර තිබුණි.

Michael Appleton tweet on Dan Qayyum tweet

ඡායාරූප මූලාශ්‍රය, Twitter

මීට අමතරව, තවත් බොහෝ ට්විටර් පරිශිලකයින් විසින් මෙරට ආහාර ඇතුළත් ඡායාරූප සිය ටිවිටර් ගිණුමෙහි පළකරමින්, මාධ්‍යවේදි කයියුම්ගේ චෝදනාවට ප්‍රති පිළිතුරු සපයා තිබුණි. ඇතැමුන් මීට පිළිතුරු දී තිබුණේ ඉතා උපහාසාත්මක අයුරෙනි.

Pavani tweet on Dan Qayyum tweet

ඡායාරූප මූලාශ්‍රය, Twitter

ඡායාරූප ශීර්ෂ වැකිය, "ඉඳි ආප්ප කන්න ඕනේ වැංජනයි සම්බෝල යි එක්කනේ මැට්ටෝ"
Kara tweet on Dan Qayyum tweet

ඡායාරූප මූලාශ්‍රය, Twitter

ඡායාරූප ශීර්ෂ වැකිය, "ඊළඟ සැරේ, ඉඳි ආප්ප කන විදිය ගූගල් කරලා බලන්න"
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කෙසේ වුවත් අවසානයේ දී මාධ්‍යවේදී ඩෑන් කයියුම් විසින් ශ්‍රී ලංකාවේ ආහාර සම්බන්ධයෙන් තමන් පළකළ ට්විටර් සටහන් සම්බන්ධයෙන් දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකර තිබුණේ ය.

"ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන්, ශ්‍රී ලංකාව පිළිබඳව මා තුළ ගැඹුරු අගයක් ඇති බව අවධාරණය කිරීමට අවශ්‍යයි.

"මම කුඩා කාලයේ සෞදි අරාබියේ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් පවත්වාගෙන යන පාසලකට ගොස්, ශ්‍රී ලාංකික මිතුරන් සමඟ දැඩි බැඳීමක් ඇතිකර ගත් අතර, ඔවුන්ගෙන් සමහරෙකු අද දක්වාම සම්බන්ධකම් පවත්වමි. ඇත්ත වශයෙන්ම, මට ඔබේ ජාතික ගීය පවා ගායනා කළ හැකි ය - ඔබේ සංස්කෘතිය සමග මගේ සම්බන්ධතාවය ඉස්මතු කරන විනෝදජනක කරුණකි.

"ශ්‍රී ලංකාව කෙරෙහි මගේ ඇති ඇල්ම නිසා, මගේ පවුලේ අය සහ මම එය අපගේ ගිම්හාන නිවාඩුව සඳහා ගමනාන්තයක් ලෙස තෝරා ගත්තෙමු.

"අපට ලැබුණු උණුසුම් ආගන්තුක සත්කාරය, රටේ ආකර්ෂණීය ඉතිහාසය, රටවාසීන්ගේ මිත්‍රශීලී ස්වභාවය සහ කොළඹ වෙරළ තීරයේ, විශ්මයජනක ගස්, පන්සල් සහ මුස්ලිම් පල්ලි වැනි ස්ථානවල දක්නට ලැබෙන විශ්මයජනක ස්වභාවික සුන්දරත්වය, විශ්මයජනක කඳුකරය සහ වංගුවලින් අප මවිතයට පත්විය. මහනුවර මාර්ග, සහ ගාල්ලේ ආකර්ෂණීය වෙරළ තීරයන් ඒ අතර වේ.

"කෙසේ වෙතත්, ආහාර සම්බන්ධව අපට විශාල බලාපොරොත්තු ඇති වූ බවත්, ඒ සම්බන්ධයෙන් අපට යම් කලකිරීමක් ඇති වූ බව ද පිළිගත යුතු ය," ඔහු සඳහන් කර තිබුණි.

එමෙන්ම, ඔහු මෙරට දී ආහාර ගැනීමට ගිය අවස්ථාවේ දී මුහුණදීමට සිදුවූ අපහසුව සම්බන්ධව ද දීර්ඝ විස්තරයක් කර තිබූ ටිවිටර් සටහනෙන් පසු තමාට ලාංකිකයින්ගේ නිවෙස්වලට පැමිණි ලාංකේය ආහාරවල රස විදීමට ද ආරාධනා ලද බව එම සටහනෙහි සඳහන් විය.

තමන් ලද එවැනි ආරාධනා සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බවත්, නැවත වරක් ශ්‍රී ලංකාවට පැමිණි විට එම අත්දැකීම විඳ ගැනීමට තමන් බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශකර තිබුණි.