සියලු අපවාදයන්ගෙන් පසු, ඇන්ඩෲ සිය තනතුරුවලින් ඉවත් වූයේ ඇයි?

    • Author, ෂෝන් කෆ්ලාන්
    • Role, රාජකීය වාර්තාකරු

බොහෝ අපවාදයන්ට මුහුණ දීමෙන් පසුව, එංගලන්තයේ ඇන්ඩෲ කුමරු ඔහුගේ පදවි සහ ගෞරව නාම භාවිතය අත්හැර දමා ඇත.

ඔහුට තවදුරටත් යෝර්ක්හි ආදිපාදවරයා ලෙස අත්සන් තැබිය නොහැකි අතර, ඔහුගේ නමට පසුව "KG", නයිට් ඔෆ් ද ගාටර් යන පදවිය යෙදිය නොහැකි ය.

ඉන්වර්නස්හි අර්ල්වරයා සහ බැරන් කිලීලීග් යන නාමයන් ද ඔහුගේ තනතුරු ලැයිස්තුවෙන් ඉවත් කර ඇති අතර, ඔහු ඇතැම් විට ඔහුගේ ව්‍යාපාරික ගනුදෙනුවලදී "ඇන්ඩෲ ඉන්වර්නස්" යන නම භාවිත කළේ ය.

මෙම හදිසි නිවේදනයට හේතුවූයේ කුමක් ද? විශේෂයෙන් මෙම නාටකාකාර පියවරට එළඹෙන්නේ, එනම්, ඔහුගේ රාජකීය ජීවිතයේ ඉතිරිව ඇති ලකුණු ඉවත් කරන්නේ, "මට එරෙහි චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන" බවට දිගින් දිගට ම කරන ප්‍රකාශයන් මධ්‍යයේ ය.

ඇන්ඩෲ කුමරු ස්වේච්ඡාවෙන් තම පදවි නාම භාවිතය අත්හැර දමා ඇත. කෙසේ වෙතත්, ඔහු එම තනතුරුවලින් ඉවත් කිරීමට පෙර ඉන් ඉවත් වූයේ ඔහුට පැහැදිලිව පීඩනයක් එල්ල වූ හෙයිනි.

යෝර්ක්හි ආදිපාදවරයා යන ඔහුගේ පදවිය අහිමි කිරීම සඳහා නීති සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුවේ මැදිහත්වීමක් අවශ්‍ය වුව ද, ඔහුගේ තත්ත්වයෙහි සෙසු වෙනස්කම් රාජකීය පවුලේ අභ්‍යන්තරිකව සිදු කළ හැකි ය.

ඒක අවුල්සහගත විය හැකිව තිබූ, නමුත් රජ මාලිගාව දැනටමත් පියවර ගැනීමට සූදානම් බවට සංඥා නිකුත් කළ අතර, පාර්ලිමේන්තුව සහ මහජන මතය එවැනි වෙනසකට සහය වනු ඇතැයි එය විශ්වාස කෙරිණි.

න්‍යායාත්මකව පවතින ඔහුගේ තනතුරු ස්වේච්ඡාවෙන් අත්හැරීමට ඇන්ඩෲට ඉඩ දීමෙන්, ඔහුගේ අතුරුදන් වන ගෞරවය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට ඔහුට මගක් ලැබිණි.

නමුත් ඇන්ඩෲ කුමරු වටා ඇති අපකීර්තිය සහ රාජකීය මූලාශ්‍රයක් විසින් "නිරන්තර සිරස්තල මාලාවක්" ලෙස හැඳින්වූ ඔහුගේ ක්‍රියා ගැන බකිංහැම් මාලිගය කෝපයට පත්වූ බව රහසක් නොවේ.

ඔහු ඔවුන්ගේ "සැකසහිත ආදිපාදවරුන්ගෙන්" කෙනෙකු වූ අතර, ඔහු සියලු වැරදි ක්‍රියා මත නිරන්තරයෙන් පුවත් මැවී ය.

ලිංගික අපරාධකරුවෙකු වන ජෙෆ්රි එප්ස්ටයින් සමග ඇන්ඩෲ පැවැත්වූ සම්බන්ධතා පිළිබඳ ප්‍රශ්න රාජකීය පවුලේ සෙසු කටයුතු යටපත් කරමින් තිබිණි. ඒ ඇන්ඩෲගේ මූල්‍ය කටයුතු සහ චීන ඔත්තුකරුවෙකු යැයි කියනු ලබන පුද්ගලයෙකු සමග ඔහුගේ සම්බන්ධතා පිළිබඳ පිළිතුරු නොලැබුණු ප්‍රශ්නවලට අමතරව ය.

ලබන සතියේ වතිකානයේ ලියෝ පාප් වහන්සේ හමුවීමට රජු සහ රැජිණ ඓතිහාසික රාජ්‍ය සංචාරයක නිරත වන අතර, එවැනි වැදගත් අවස්ථාවක් ඇන්ඩෲ සහ එප්ස්ටයින් පිළිබඳ භයංකර කතාවලින් යටපත් වනු ඇති බවට දැඩි කතාබහක් ඇති විය.

රාජකීය මූලාශ්‍රවලට අනුව, "තීරණාත්මක ලක්ෂ්‍යයක්" ළඟා වී ඇති අතර යමක් කළ යුතුව තිබිණි.

ඇතැමුන් තර්ක කරන පරිදි එය කලින් සිදු විය යුතුව තිබිණි. නමුත්, එයින් අදහස් වන්නේ, "වැඩ නොකරන රාජකීයයෙකු" ලෙස, ඔහුගේ ගැටලු විසඳා ගැනීම ඔහුගේ ම යුතුකමක් බවට මෙතරම් කාලයක් තිස්සේ තර්ක කළ ඇන්ඩෲ කුමරු කෙරෙහි මාලිගයට වගකීමක් ඇති බව මාලිගය ප්‍රසිද්ධියේ පිළිගැනීම ය.

නමුත් මෙම නවතම පියවරෙන් පෙනී යන්නේ, ඇන්ඩෲ රාජකීය වගකීමක් නොවුණත්, ඔහු තවමත් ඔවුන්ගේ කීර්ති නාමයට හානි කරමින් සිටින බව පිළිගන්නා බව ය.

මෙය තවදුරටත් ස්ථාවර තනතුරක් නොවන බවට හැඟීමක් ඇති කළේ, පසුගිය සති අන්තයේ ප්‍රකාශයට පත් කරන ලද ඊමේල් පණිවුඩයකිනි. එහි දැක්වෙන්නේ ඇන්ඩෲ කුමරු බීබීසී Newsnight සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කළ ප්‍රමාණයට වඩා එප්ස්ටයින් සමග සම්බන්ධතා පවත්වා ඇති බව ය.

රාජකීය මූලාශ්‍රයක් පැවසුවේ, මෙය ඇන්ඩෲ කුමරුගේ සිදුවීම් අනුවාදයේ එතරම් පැහැදිලි "දෝෂ රේඛා" නිරාවරණය වූ සැලකිය යුතු ලෙස වෙනස් මොහොතක් බව ය.

කුතුහලයට කරුණක් නම්, එම ඊමේල් පණිවුඩය ජනවාරි මාසයේදී අර්ධ වශයෙන් ප්‍රකාශයට පත් කර තිබීම ය. ඉන් නැවතත් පෙන්නුම් කරන්නේ, චෝදනා එල්ල වූ පසු පවා ඇන්ඩෲ, එප්ස්ටයින් සමග සබඳතා නතර නොකළ බව ය. නමුත් මෙවර ඔක්තෝබර් මාසයේදී බලපෑම චණ්ඩ හිම කුණාටුවක් බවට පත්ව තිබේ.

එප්ස්ටයින් සමග සබඳතා නවතා දැමූ බවට ප්‍රසිද්ධියේ පළ කරන ලද ප්‍රකාශයන්ට පටහැනිව පෞද්ගලික ඊමේල් පණිවුඩයක් යවන ලද සාරා ෆර්ගියුසන්ට ද එවැනි ම අපහසුතාවකට මුහුණ දීමට සිදුවිය.

තව ද, මෙම වසර මුලදී ඇන්ඩෲ කුමරු සමග මූල්‍යමය එකඟතාවකට පැමිණ සියදිවි නසා ගත් එප්ස්ටයින්ගේ වින්දිතයෙකු වූ වර්ජිනියා ගුෆ්රේගේ මරණින් පසු මතක සටහන්වලින් ප්‍රකාශයට පත් කරන ලද උපුටා ගැනීම්වලින් එල්ල වූ පීඩනයට එය තවත් එකතුවක් විය.

ලබන සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත මිස් ගුෆ්රේගේ මතක සටහන්, නැවත වරක් එප්ස්ටයින් සමග ඇන්ඩෲ පැවැත්වූ නුසුදුසු සම්බන්ධතා යළිත් ආවර්ජණය කරනු ඇත.

ඇන්ඩෲ කුමරුට "හිමිකම්" ඇති බවට අදාළ ග්‍රන්ථයෙන් එල්ල වන චෝදනාව, ඇන්ඩෲ ලෝනි විසින් මෑතකදී ලියන ලද ඇන්ඩෲ කුමරුගේ චරිතාපදානයක මාතෘකාවට සමාන වූ අතර, එය ඔහුගේ කීර්ති නාමයට තවත් විනාශකාරී පහරක් එල්ල කළේ ය.

මාසෙන් මාසෙට නරක ආරංචි විශාල සංඛ්‍යාවක් ලැබිණි. ඔහු විනාශකාරී පාපන්දු කළමනාකරුවෙකු බවට පත් විය. එසේ නැතහොත් පරාජිත දේශපාලන නායකයෙකු විය. එහෙත්, ඔහු ඉවත් කිරීමට කිසිදු ක්‍රමයක් නොතිබිණි. එය විශේෂයෙන් පාපන්දු කළමනාකරුවෙකුට තමන්ගේ සොහොයුරා සභාපති ධූරය දැරීමක් හා සමාන විය.

ආයතනයක් ආරක්ෂා කිරීම සහ ඒ තුළ සිටින පුද්ගලයින් ඉවත් කිරීමට ඇති අකමැත්ත අතර සෑම විට ම ආතතියක් පවතී. ආයතනය පවුලක් වන විට ඊටත් වඩා ආතතිය වැඩි වේ. අපරාධ ක්‍රියා ඉහළ යන්නේ එවිට ය.

නමුත් යමක් කළ යුතුව තිබූ අතර, අවසානයේ ඇන්ඩෲ ඔහුගේ රාජකීය ජීවිතයේ යතුරු ආපසු භාර දී පිටව ගොස් ඇත.

එප්ස්ටයින්ට අදාළ ලියකියවිලි සෙවීමේදී එක්සත් ජනපදයෙන් තවත් බොහෝ දේ මතු විය හැකි ය.

ඇන්ඩෲ කුමරුට අශුභදායක ලෙස, සිකුරාදා සවස ඉක්මනින් ප්‍රතිචාර දැක්වූ අය අතර, එප්ස්ටයින්ට අයත් ලියකියවිලි නිකුත් කිරීමට බලපෑම් කරමින් සිටි එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩල අධීක්ෂණ කමිටුවේ ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදියෙකු ද විය.

එප්ස්ටයින්ගේ පෞද්ගලික ජෙට් යානයේදී "ඇන්ඩෲ" සම්බාහනය කරන ආකාරය පෙන්වන සාක්ෂි මෑතකදී හෙළි කළ රොබට් ගාර්ෂියා පැවසුවේ, "ඔහුගේ රාජකීය පදවි අත්හැරීමට ගත් තීරණය බොහෝ කලකට පෙර සිදු වූවක්" බව ය.

"ධනවත් හා බලවත් පිරිමින් තම මුදල් හා බලය යොදාගෙන ගැහැනු ළමයින්ට සහ තරුණියන්ට අතවර කිරීමට සහ යුක්තියෙන් ආරක්ෂා වීමට කටයුතු කළ බව අපි දන්නවා. ඇන්ඩෲ කුමරුගේ තීරණය දිවි ගලවා ගත් අයට යුක්තිය ඉටු කිරීම සඳහා වන කමිටුවේ කටයුතුවල ආරම්භයක් පමණ යි.

ඇන්ඩෲ කුමරු සෑම විට ම වරද පිළිගෙන නැතත්, මෙය ගෝලීය සිද්ධියක් බවට පත්ව ඇත.

එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් සිය රාජ්‍ය සංචාරය සඳහා පැමිණි විට, විරෝධතාකරුවන් වින්ඩ්සර් මාලිගයේ බිත්තිවලට ප්‍රක්ෂේපණය කළේ ඇන්ඩෲ සහ එප්ස්ටයින් සිටින පින්තූරයකි.

ඇන්ඩෲ කුමරු ඔහුගේ ඉතිරි පදවි නාමවලින් ඉවත් වීමට ගත් තීරණයෙන් අදහස් වන්නේ, ඔහු තවදුරටත් යෝර්ක්හි ආදිපාදවරිය නොවන ඔහුගේ හිටපු බිරිඳ සමග ඉන් ඉවත් වන බව ය. ඔවුන් පළමු වරට මුණගැසුණු විට ආරම්භ වූ ස්ථානයට - ඇන්ඩෲ කුමරු සහ සාරා ෆර්ගියුසන් ලෙස - නැවත පැමිණ ඇත.

ඔවුන් තවමත් එකට ජීවත් වන අතර ඇන්ඩෲ කුමරුට රෝයල් ලොජ්හි ඔහුගේ ම දීර්ඝ කාලීන කල්බදු ඔප්පුවක් ඇති බැවින්, ඔවුන් පෙර පරිදි ම එහි කටයුතු කරගෙන යනු ඇත. රජු දැනටමත් ඇන්ඩෲ කුමරු මූල්‍යමය වශයෙන් කපා හැර තිබේ, එබැවින් එහි කිසිදු වෙනසක් නොමැත, ඔහුට තමාගේ ම අරමුදල් සොයා ගැනීමට සිදුවනු ඇත.

නමුත් ඔවුන්ගේ ගෞරවය අහිමි කිරීම වෙනුවට ස්වේච්ඡාවෙන් පසුබැසීමෙන් අදහස් වන්නේ ඔවුන්ගේ දියණියන් කුමරියන්ගේ පදවි නාම සමග ඉදිරියට යනු ඇති බව ය.

මේ වසරේ සැන්ඩ්‍රින්හැම්හි පැවැත්වෙන රාජකීය නත්තල් රැස්වීමට ඇන්ඩෲ කුමරු සහභාගී නොවනු ඇත. Order of the Garter පෙළපාළියේදී ඔහුව සොයා ගැනීමේ ක්‍රීඩාව නැවත සිදු නොවනු ඇත.

එහෙත්, ඔහුගේ හැසිරීම පිළිබඳ ප්‍රශ්න ඇත්තට ම අවසන් වී තිබේ ද?