දේශබන්දු තෙන්නකෝන් : 'නව පොලිස්පති පත් කිරීම කිසිසේත් සුදුසු හෝ ව්‍යවස්ථානූකූල තීරණයක් නොවේ'
දේශබන්දු තෙන්නකෝන්ගේ ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පහිවරයා ලෙස අද (පෙබරවාරි 29) රාජකාරි ආරම්භ කිරීමට නියමිතයි.
ඔහුගේ අතීත ක්‍රියා කලාපය මෙන්ම පොලිස්පතිවරයා ලෙස පත් කළ ආකාරය සමාජයේ මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ප්‍රශ්න කෙරෙන පසුබිමක ඔහු නව පොලිස්පතිවරයා ලෙස රාජකාරි ආරම්භ කිරීම ගැන බොහෝ දෙනා අදහස් පළ කරති.
''තෙන්නකෝන් මහත්තයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක තීරණය වෙලා තියෙනවා ඔහු වද හිංසාවට සහ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් වගකිව යුතු වෙනවා කියලා. ඒ වගේම විවිධ අවස්ථා වලදී නීතිපතිවරයා තීරණයක් අරගෙන තිබුණා අධි චෝදනා නගන්න. ඒ තීරණය අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරලා තියෙනවා. ඒකට එරෙහිව රජයේ නීතිපතිවරයාම ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. පොලීසිය ගැන තිබෙන මහජන විශ්වාසය කඩ වෙලා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයම තීරණය කරලා තියෙනවා. එවැනි තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාවට අවශ්‍ය වෙන්නේ ආදර්ශවත් පුද්ගලයෙක් පොලිස්පති ධූරයට'' යනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් BBC සිංහල සේවයට පැවසුවේය.
නව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ඇතැමුන් ප්‍රසාදය පළ කරන අතර තවත් පිරිසක් විවේචනාත්මක අදහස් පළ කරති .
විවිධ පාර්ශවයන දක්වන එම අදහස් මේ වීඩියෝවේ අන්තර්ගත වේ.






