ඇමෙරිකාවේ දැවැන්ත ළැව් ගිනි නිසා හොලිවුඩ් නගරයට තර්ජන

වීඩියෝ ශීර්ෂ වැකිය, නරඹන්න: ළැව් ගිනි පැතිර යාමත් සමග HOLLYWOOD යන අකුරු පවා තර්ජනයට ලක්ව ඇත
    • Author, ක්‍රිස්ටල් හේස්
    • Role, ලොස් ඇන්ජලීස් සිට

හොලිවුඩ් නගරයේ තදාසන්න ප්‍රදේශය ඝන දුමාරයෙන් වැසී ගොස් තිබේ. වීදි දෙපස පිහිටි උස් තල් ගස්වල මුදුන් පවා නොපෙනෙන තරම් ය.

ගින්න සමීපයේ ඇති වීදි මුළුමනින් ම පාහේ ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබේ. ජනතාව හුස්ම ගැනීමට හැකි වන පරිදි මුහුණු ආවරණය කිරීමට ස්වෙට්ෂර්ට්ස් භාවිත කරති.

සිදුවන දේ සිතා ගැනීමට නොහැකි වූ ඇතැමෙකු සිටින්නේ නිදි ඇඳුමිනි.

'සන්සෙට් ෆයර්' ලෙස නම් කර ඇති මෙම ලැව් ගින්න බදාදා එරට වේලාවෙන් සවස 6:00 හටගත් අතර, ඉන් හොලිවුඩයේ බොහෝ ප්‍රදේශ ඝන දුමාරයකින් වැසී ගියේ එහි සිටින ජනතාව වෙත ඉවත් කිරීමේ නියෝග නිකුත් කිරීමට ද බල කරවමිනි.

හොලිවුඩය හරහා රිය පදවා ගිය මට දැකගත වූයේ බොහෝ අතට අහුවන බඩු බාහිරාදිය රැගෙන තම නිවෙස්වලින් පළා යන ආකාරය යි.

මා මෝටර් රථය නතර කළ අවස්ථාවේ ඇතැමෙක් බියෙන් සහ කනස්සල්ලෙන් මා වෙත ප්‍රතිචාර දැක්වූහ.

"ඔයා මේ ඇවිල්ලා ඉන්නේ මිනිස්සුන්ට උදව් කරන්න ද? මම කොහේ යන්න ද?" මා මෝටර් රථයෙන් බසින අවස්ථාවේ ඇනා වෝල්ඩ්මන් ඇහුවා.

ආරක්‍ෂිත කොහේ ද?

Anna Waldman gestures a peace sign as she stands with her belongings and three dogs in a trolley.

ඡායාරූප මූලාශ්‍රය, Christal Hayes

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇනා වෝල්ඩ්මන් ඇගේ සුනඛයින් තිදෙනා සමග

අපට ඉහළින් සයිරන් නාදයක් ඇසුණු අතර හෙලිකොප්ටරයක තටු වේගයෙන් කැරකෙන ශබ්දය ද ඇසිණි.

මා ඇයට ආරක්ෂිත ප්‍රදේශයකට යාමට උදව් කළ අවස්ථාවේ ඇය මා හා පැවසුවේ, ඇය ඇගේ සුනඛයින් ඇවිදිමින් සිටි බව ත් අධික දුමාරයක ගන්ධයක් පැමිණි විට ඒ අසල වෙළෙඳසලක් අසල නතර වීමට සැලසුම් කළ බව ත් ය.

යළි නිවස බලා ගිය ඇය ජනෙල්වලින් පිටත බැලූ විට ඇය දුටුවේ හොලිවුඩ් හිල්ස් දෙස සිට පැමිණි ගින්න ඇයගේ නිවස අසලට වේගයෙන් පැමිණෙන ආකාරයයි.

ඇය ඇයට හැකි දේ බහා ගත්තා ය: ආහාර, ඇඳුම්, බ්ලැන්කට්, ඇගේ කුඩා සුනඛයින් තිදෙනා සඳහා ආහාර.

"මට මේක විශ්වාස කරන්න බෑ," ඇය පැවසුවේ වෙහෙසට පත් වූ ස්වරයකිනි.

26 හැවිරිදි මෙකෙයිලා ජැක්සන් තම දෙහැවිරිදි පුත් රමාරි වීදියක කෙළවරක තබාගෙන ඔවුන් යාමට වාහනයක් එනතුරු බලා සිටියා ය. ගිනිගැනීමේ තර්ජනයට ලක්ව ඇති නිවාස නොමැති පිරිස් දිවිගෙවන තාවකාලින නවාතැන්පොළක සිටියදී ඔවුන් මුදා ගැනිණි.

"එයාලා අපිට කිව්වේ එලියට බැහැලා යන්න කියලා," ඇය මා හා පැවසීය.

තමා වැඩි වශයෙන් උදව් උපකාර ලැබෙන හොලිවුඩ් උසස් පාසල වෙත යන යමින් සිටි බව ඇය පැවසුවා ය.

A woman with her daughter stands on a road with a suitcase in one hand and a bag in another.

ඡායාරූප මූලාශ්‍රය, Christal Hayes

හොලිවුඩයේ 'වෝක් ඔෆ් ෆේම්' ඇතුළු සුප්‍රසිද්ධ ස්ථාන ඇති හොලිවුඩ් බුලෙවාර්ඩ් වැනි ගින්න අභිමුව ඇති බොහෝ මාර්ගවල දැඩි මාර්ග තදබදයක් පවතී.

ඇතැමෙක් ගිනින්නෙන් මිදීමේ ආරමුණින් මාර්ගයේ වැරදි පැත්තේ පවා රිය පදවති.

ගිනිදැල් බුර බුරා නැගෙන ආකාරය අසල ඇති අධිවේගී මාර්ගවල සිට දැකි ය හැකි ය.

එසේ වුව ද නගරය මායිමට වන්නට කිසිත් නොවුණු පරිදි ය. ජනතාව රාත්‍රී ආහාරය ගනිමින්, සාප්පු සවාරි යමින් සන්ධ්‍යා කාලයේ කටයුතුවල නිරත වෙති.

Several cars lined up on a road near the blaze.

ඡායාරූප මූලාශ්‍රය, Christal Hayes

LA Wilfdire
LA wildfire
LA Wildfire
LA fire