'පිල්ලෙයාන්' පැය 72ක් රඳවා ගෙන ප්‍රශ්න කෙරේ: ඔහුට ඇති ඇති චෝදනා මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Sivanesathurai Chandrakanthan | Facebook
- Author, බීබීසී සිංහල
'පිල්ලෙයාන්' හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් අප්‍රේල් 8 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ 2004 සිට 2006 දක්වා උපකුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවිද්‍රනාත් පැහැරගෙන යාම සහ ඔහු අතුරුදන් කරවීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව බව පොලිසිය පවසයි.
මහාචාර්යවරයා 2006 දෙසැම්බර් 15 වන දා සිට අතුරුදහන්ව ඇති අතර කොළඹ පැවති රැස්වීමකට ගොස් ඔහු නැවත නිවසට නොපැමිණි බවට ඔහුගේ පවුලේ සාමාජිකයින් පොලිසියට පැමිණිලි කර තිබිණි.
එම අතුරුදන්වීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව 2006 වසරේ විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී මහාචාර්යවරයා පැහැරගෙන ඇති බවට අනාවරණය වී තිබිණි.
එම සිදුවීමෙන් වසර 19කට පමණ පසු අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් අත්අඩංගුවට ගැනිණි.
ඒ අනුව ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග බීබීසී සිංහල වෙත තහවුරු කළේය.
පිල්ලෙයාන් යනු කවුද?
පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් 1990 වසරේදී එල්.ටී.ටී.ඊ සංවිධානයට එක් වූ අතර එවකට ඔහු 16 වන වියේ පසුවිය.
එතැන් සිට 2004 වසර දක්වා ඔහු එම සංවිධානයේ කටයුතු කළ අතර 2004 වසරේදී ඉන් ඉවත් වී කරුණා අම්මාන් පාර්ශවය සමග කටයුතු කළේ ය.
ඔහු 2008 වසරේ සිට 2012 දක්වා නැගෙනහිර පළාත් මහ ඇමතිවරයා ලෙස කටයුතු කළේ ය.
එමෙන් ම බන්ධනාගාරගතව සිටිමින් 2020 වසරේ පැවති මහ මැතිවරණයට තරග කළ ඔහු මඩකලපුව දිස්ත්‍රික්කයේ වැඩි ම මනාප ලාභියා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් විය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව ඔහු ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කළේ ය.
පිල්ලෙයාන්ට ඇති චෝදනා මොනවා ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2005 වසරේ දෙසැම්බර් මස 25 වන දා නත්තල් දින රාත්‍රීයේ මඩකලපුව ප්‍රදේශයේ කිතුණු දේවස්ථානයක දේව මෙහෙයකට සහභාගී වෙමින් සිටි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරාජසිංගම් වෙඩි තබා ඝාතනය කෙරිණි.
එම ඝාතනය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ පාලන සමයේ විධිමත් පරීක්ෂණයක් නොවූ බවට චෝදනා එල්ල විය.
ඉන් අනතුරුව 2015 වසරේ බලයට පත් වූ යහපාලන රජය ජෝසෆ් පරරාජසිංහම් මන්ත්‍රීවරයාගේ ඝාතනය පිළිබඳව අලුතින් විමර්ශනයක් ආරම්භ කළේ ය.
ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 2015 වසරේ ඔක්තෝබර් මස 11 වන දා එවකට නැගෙනහිර පළාත් මහඇමති ලෙස කටයුතු කළ පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ප්‍රශ්න කරන ලදී.
එම සිද්ධිය සම්බන්ධයෙන් පිල්ලෙයාන් වසර පහකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගරගතව සිටියේ ය.
එහෙත් 2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසුව නීතිපතිවරයා මඩකලපුව මහාධිකරණයට දැනුම් දී තිබුණේ පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන්ට එරෙහිව නඩුවක් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බව ය.
ඒ අනුව, පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් කිහිප දෙනෙකු නිදහස් කිරීමට අධිකරණය තීන්දු කර තිබිණි.
බ්‍රිතාන්‍ය රූපවාහිනී නාලිකාවක් වන චැනල් 4 නාලිකාව පාස්කු ප්‍රහාර මාලාවට අදාළව විකාශය කරන ලද වාර්තාමය වීඩියෝ වැඩසටහනට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගෙන් ප්‍රකාශයක් ද ලබා ගෙන තිබිණි.














