'අපි ඕනම මොහොතක මැරෙන්න ඉඩ තිබ්බා'
'අපි ඕනම මොහොතක මැරෙන්න ඉඩ තිබ්බා'
පසුගිය සතියේ දී අසර්බයිජානය විසින් නගොර්නෝ-කරබාඛ් ප්‍රදේශය අත්පත්කර ගැනීමෙන් පසු, වාර්ගික ආර්මේනියානු සරණාගතයෝ මතභේදයට තුඩුදී ඇති එම ප්‍රදේශයෙන් වැඩි වැඩියෙන් පළායමින් සිටිති.
වාර්ගික ආමේනියානුවන් දහස් ගණනක් මේ වන විට ආර්මේනියාවට පැමිණ ඇත. ඔවුන් පළා ආ ප්‍රදේශය 120,000ක් පමණ වාර්ගික ආමේනියානුවන්ගේ නිවහන වෙයි.
සටන්වලින් නිවාස අහිමිවූවන් ඉවත් කිරීමට සැලසුම් කරනබවට ආර්මේනියානු රාජය ප්‍රකාශ කිරීමෙන් පසුව ඔවුහු පිටත්ව ආහ.







