ටීග්‍රේ අර්බුදය: ආධාර නැවතීමෙන් පසු සාගින්නෙන් මරණ සිදුවෙයි

වීඩියෝ ශීර්ෂ වැකිය, 'අපි ජීවත්වෙන්න කෑම හොයාගන්න හිඟාකනවා'
ටීග්‍රේ අර්බුදය: ආධාර නැවතීමෙන් පසු සාගින්නෙන් මරණ සිදුවෙයි

ඉතියෝපියාවේ උතුරු ටීග්‍රේ කලාපයට ලබාදුන් ආහාර ආධාර සොරකම් කිරීම හේතුවෙන් ආධාර ලබාදීම අත්හිටවූ දා පටන් අවම වශයෙන් පුද්ගලයින් 1,400ක් සාගින්නෙන් මියගොස් ඇතිබව නිලධාරියෙක් පවසා තිබේ.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) සහ එක්සත් ජනපදයේ ප්‍රමුඛතම ආධාර ඒජන්සිය මීට සිව්මසකට පමණ පෙර දී ටීග්‍රේ වෙත ආහාර ආධාර ලබාදීම නවතා දැමීය.

මෙම වීඩියෝව තනන කාලයේ දී ගැබිනියකව සිටි කලාපයේ මවක් අපට පැවසුවේ, කන්නට කිසිවක් නොමැති ඇය දැන් ජීවත්වීම සඳහා ආහාර වෙනුවෙන් සිඟමන් යදිනබව යි.