ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අනුර කුමාර දිසානායක: 'ජාතික සමගියට පණ පොවමින් අපි ජයග්‍රහණයට ළඟා වෙමින් සිටිනවා'
ජාතික සමගියට පණ පොවමින් ජාතික ජන බලවේගය ජයග්‍රහණයට ළඟා වෙමින් සිටින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
''සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරය දියත් වුණේ ජාතිවාදය, ආගම්වාදය අරමුණු කරගෙන. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බලයට පත් වූ වහාම නුවර පෙරහැර නතර කරනවාලු. ඇත්කඳ විහාරයේ පෙරහැර නතර කරනවාලු.ඒවා අපේ ශිෂ්ඨාචාරය ගොඩ නැගීමේ දී අපිට ජාතියක් හැටියට උරුම කර දී තිබෙන සංස්කෘතික උරුමයන්...ඉස්ලාම් භක්තිකයන්ට රැවුල වවන්න දෙන්නේ නැතිලු. තුට්ටු දෙකේ දේශපාලනය.'' යනුවෙන් සැප්තැම්බර් 18 නුගේගොඩ පැවති අවසන් රැළියේ දී අනුර කුමාර දිසානායක පැවසුවේය.
ජාතික ජන බලවේගයේ රට ගොඩනගන සැලැස්ම ගැන ද ඔහු මෙහි දී අදහස් පළ කළේය.