වාහන ආනයනය : 'අලුතෙන් පටන් අරන් තියෙනවා පුද්ගලික ලාභය වෙනුවෙන් වාහන ආනයනය කරන ක්‍රම'

වීඩියෝ ශීර්ෂ වැකිය, ''අපි කියන ක්‍රමයට දුන්නොත් ඩොලර් ඉතුරුයි. බදු ලැබෙනවා. හොඳ වාහනයකුත් ලැබෙනවා.''
වාහන ආනයනය : 'අලුතෙන් පටන් අරන් තියෙනවා පුද්ගලික ලාභය වෙනුවෙන් වාහන ආනයනය කරන ක්‍රම'

වාහන ආනයන සීමා ඉවත් කිරීමේ හැකියාව තිබුණ ද පුද්ගලික ලාභය වෙනුවෙන් වාහන ආනයන යෝජනා ක්‍රම දියත් ඉරීමේ උත්සහයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ් රුද්‍රිගු අද (ජුනි 24) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේය.

සංචාරක ක්ෂේත්‍රයට වාහන 1000ක් ගෙන්වීමට ලබා දී ඇති කැබිනට් අනුමැතිය ගැන මෙන්ම රජයට බදු අදායම අහිමිවන ලෙස සමාගමකට දී ඇති බව කියන බදු සහන පිළිබඳව මේ මාධ්‍ය හමුවේ දී අදහස් පළ විය.