ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
2024 එක්සත් ජනපද ජනාධිපතිවරණයට සරල මාර්ගෝපදේශයක්
ලොව පුරා සියලු දෙනා සමීපව බලා සිටින තරගයකින්, ඇමෙරිකානුවෝ ඔවුන්ගේ මීළඟ ජනාධිපතිවරයා තෝරා ගනිති.
තරගය සුවිශේෂී ලෙස ආසන්න අතර, උප ජනාධිපති කමලා හැරිස් හෝ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කරනු ඇත.
ඡන්දදායකයන් විසින් එක්සත් ජනපද ජීවිතයට ගැඹුරු බලපෑමක් සිදුකළ හැකි නීති සම්පාදනයේ ප්‍රධානතම භූමිකාවක් සිදු කරන දේශපාලඥයන්ව කොංග්‍රසයට සාමාජිකයන් ලෙස තෝරාගනු ලබයි.
එක්සත් ජනපද මැතිවරණය කවදා ද?
2024 මැතිවරණය, නොවැම්බර් 05 අඟහරුවාදා පැවැත්වේ. එය මේ වන විට ආරම්භ වී තිබේ.
මැතිවරණ දිනයට පෙර එක්සත් ජනපදය පුරා මිලියන ගණනක් ඡන්දදායකයින් 'පෙර ඡන්ද ප්‍රකාශ කීරීමේ' අවස්ථාවන්වලට සහභාගී වී තිබේ.
ජයග්‍රාහකයා 2025 ජනවාරි සිට වසර කතරක කාලයක් සඳහා ධවල මන්දිරයේ සේවය කරනු ඇත.
ලෝක තලයේදී, රටින් පිටත රට නියෝජනය කිරීමේ සැලකියයුතු නිදහසක් එක්සත් ජනපද නායකයාට තිබේ.
එක්සත් ජනපදය තුළ, ඇතැම් නීති සම්මත කරගැනීමට ජනාධිපතිට බලය තිබෙන නමුත්, ඔහු හෝ ඇය නීති සම්පාදනය කරගැනීම සඳහා බොහෝවිට කොංග්‍රසය සමග වැඩ කළ යුතු ය.
ජනාධිපති අපේක්ෂකයන් කවුද?
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරයි. ඔහු ඔහුගේ විරුද්ධවාදීන්ට එරෙහිව විශාල පරතරකින් පක්ෂයේ සහය දිනාගත්තේ ය.
ඔහායෝහි සෙනට් සභික ජේ.සී. වෑන්ස් ඔහුගේ උප ජනාධිපති අපේක්ෂක සහකරුවා ලෙස ට්‍රම්ප් විසින් තෝරා ගනු ලැබීය.
වත්මන් උප ජනාධිපති කමලා හැරිස් ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාවයි. ජනාධිපති ජෝ බයිඩ්න් තරගයෙන් ඉවත් වීමත්, වෙනත් ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකයෙකු ඇයට එරෙහිව සිට නොගැනීමත් නිසා ඇය තරගයට එක් වූවා ය.
ඇගේ උප ජනාධිපති අපේක්ෂක සහායකයා මිනෙසොටා හි ආණ්ඩුකාර ටිම් වෝල්ස් ය.
ජනාධිපති ධූරය සඳහා තරග වදින ස්වාධීන අපේක්ෂකයෝ ද සිටිති. ප්‍රධාන ම අයගෙන් එක් අයෙකු වූ රොබට් එෆ්. කෙනඩි ජූනියර් අගොස්තු මාසයේ දී ඔහුගේ ප්‍රචාරණ කටයුතු නවත්වා ට්‍රම්ප්ට සහ පල කළේ ය.
ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පාක්ෂිකයන් පෙනී සිටින්නේ මොනවාට ද?
සිවිල් අයිතිවාසිකම්, සමාජ ආරක්ෂණ ජාලයක් සහ දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීමට සහය දක්වන බවට ප්‍රසිද්ධ ඩිමොක්‍රටික් පක්ෂය ලිබරල් දේශපාලන පක්ෂයකි.
2024 මැතිවරණයේ දී, හැරිස් මතුකර දැක් වූ කරුණුවලට ජීවන වියදම් අර්බුදය නිරාකරණය සහ ගබ්සා අයිතීන්ට සහය දීම ඇතුළත් විය.
රිපබ්ලිකන්, ගතානුගතික දේශපාලන පක්ෂයකි. ඔවුහු බදු අඩු කිරීමට, රජයේ ප්‍රමාණය සහ තුවක්කු අයිතීන් හැකිලවීමට සිටගත් හ.
"ඇමෙරිකාව නැවතත් දැරීමට හැකි මිලකට ගෙන ඒමට," නීති විරෝධී සංක්‍රමණිකයන් නැවැත්වීම සහ උද්ධමනය අවසන් කිරීම ට්‍රම්ප් ප්‍රචාරය කළ ගැටළුවලට ඇතුළත් විය.
එක්සත් ජනපද ජනාධිපතිවරණය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?
සමස්තයක් වශයෙන් වැඩියෙන් ම ඡන්ද ලබා ගන්නා පුද්ගලයා ජයග්‍රාහකයා නොවේ.
ඒ වෙනුවට, අපේක්ෂකයින් දෙදෙනා ම ප්‍රාන්ත 50ක් පුරා පැවැත්වෙන සටන් ජයග්‍රහණයට තරග වදිති.
අර්ධ වශයෙන් ජනගහනය මත පදනම් වූ ඊනියා ඡන්ද විද්‍යාල ඡන්ද නිශ්චිත සංඛ්‍යාවක් එක් එක් ප්‍රාන්තයට තිබේ. ලබාගැනීම සඳහා [ඡන්ද විද්‍යාල ඡන්ද] 538ක් ඇති අතර, ජයග්‍රාහකයා වන්නේ එයින් 270ක් හෝ ඊට වඩා වැඩියෙන් ලබා ගන්නා අපේක්ෂකයා ය.
සියලු ප්‍රාන්තවලින් ප්‍රාන්ත දෙකක, වැඩි ම ඡන්ද සංඛ්‍යාවක් ඇති අපේක්ෂකයාට එහි ඡන්ද විද්‍යාල ඡන්ද සියල්ල හිමිවන න්‍යායක් තිබේ.
බොහෝ ප්‍රාන්ත එක් පාර්ශ්වයකට හෝ වෙනත් පාර්ශ්වයකට දැඩි ලෙස නැඹුරු වන බැවින් ඔවුන්ගෙන් එක් අයෙකුට ජයග්‍රහණය කළ හැකි ප්‍රාන්ත හතක් ගැන අවධානය යොමු කෙරේ. මේවා ඡන්ද බලකොටු හෝ දෝලනය වන ප්‍රාන්ත ලෙස හැඳින්වේ.
2016 දී හිලරි ක්ලින්ටන් කළ අයුරින් - ජාතික වශයෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් දිනා ගැනීමට අපේක්ෂකයෙකුට හැකි නමුත් ජනපති සටනේදී පරාජය විය හැකිය.
එක්සත් ජනපද ජනාධිපතිවරණයට ඡන්දය දිය හැක්කේ කාට ද?
වයස අවුරුදු 18ට වැඩි එක්සත් ජනපද පුරවැසියෝ බහුතරයක් ඡන්දය ප්‍රකාශ කීරීමට සුදුසුකම් ලබා තිබේ.
එක් එක් ප්‍රාන්තයට අනන්‍ය වූ ඔවුන්ගේ ම ඡන්දදායකයන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයන් සහ අවසන් කිරීමේ දිනයන් තිබේ.
වෙනත් රටවල්වල ජීවත්වන එක්සත් ජනප්ද පුරවැසියන්ට ලියාපදිංචි වී නොපැමිණි තැපැල් ඡන්ද පත්‍රිකාවක් අයදුම් කළ හැකි ය.
නොවැම්බරයේදී තේරීපත්වන වෙනත් අය කවුද?
සමස්ත අවධානය ජනාධිපති ධූරය දිනාගන්නේ කවුදැයි යන්නට යොමුව තිබුණ ද, ඔවුන් ඔවුන්ගේ ඡන්ද පත්‍රිකා පුරවන විට, නීති සම්පාදනය කරන කොංග්‍රසටයට ද නව සාමාජිකයන් තෝරාගැනීමට ඡන්දදායකයෝ සිදු කරති.
සමස්ත ආසන 435ක් ඡන්දයෙන් තෝරාගන්නා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ ආසන 34ක් සඳහා තරග කරන සෙනට් සභාවෙන් කොංග්‍රසය සමන්විත ය.
වියදම් සැලසුම් සඳහා මුල පුරන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය රිපබ්ලිකන් පාක්ෂිකයෝ දැනට පාලනය කරති. රජයේ ප්‍රධාන පත්වීම් සඳහා ඡන්දය ප්‍රකාශ කරන සෙනට් සභාවේ පාලනය ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සතු ය.
මෙම මණ්ඩල දෙකට, නීති සම්පාදනයට සහ මණ්ඩල දෙකෙන් එක පාලක පක්ෂය, ජනාධිපති සමග එකඟ නොවන්නේ නම් ධවල මන්දිරයේ සැලසුම්වලට පාලනයක් ලෙස කටයුතු කිරීමට ද හැකි ය.