'දරුවාගේ ෆොටෝ එක බලමින් අපි හැමදාම අඬ අඬා තමයි ඉන්නේ'

වීඩියෝ ශීර්ෂ වැකිය, ''මුල්ලිවයික්කාල් ගියාට පස්සේ ෂෙල් වැටුණා. එතනදි මගේ දුව අතුරුදහන්වුණා.''
'දරුවාගේ ෆොටෝ එක බලමින් අපි හැමදාම අඬ අඬා තමයි ඉන්නේ'

මුල්ලිවයික්කාල් අවසන් සටනට මැදිවී අතුරුදහන් වූ දියණිය යළි නිවසට පැමිණෙන තෙක් වසර 14ක සිට තමා සහ සැමියා මග බලා සිටින බව තුඩරාසනි නිර්මලාදේවි BBC සිංහල සේවයට පැවසුවාය.

ඇගේ දියණිය වූ තුඩරාසනි ප්‍රියදර්ශනී අතුරුදහන් වනවිට 20 වැනි වියෙහි පසු වූවාය.

''මුල්ලිවයික්කාල් ගියාට පස්සේ ෂෙල් වැටුණා. එතනදි මගේ දුව අතුරුදහන්වුණා. අපි දිවුවා. සමහර අය කිව්වා අල්ලගෙන යනවා දැක්කා කියලා. කවුරු අල්ලාගෙන ගියාද කියලා දන්නේ නෑ. දරුවාගේ ෆොටෝ එක බලමින් අපි හැමදාම අඬ අඬා තමයි ඉන්නේ.'' යනුවෙන් තුඩරාසනි නිර්මලාදේවි හැඬු කදුළින් සිය දියණිය සිහිපත් කරන්නීය.