ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දිනය: ලෝකය පුරා ජනමාධ්‍ය ප්‍රහාරයට ලක්වීමට බලපාන හේතු හතරක්
දේශසීමා රහිත වාර්තාකරුවෝ (Reporters without Borders) ආයතනය විසින් නිකුත් කරන ලද නවතම දත්ත අනුව ලෝකය පුරා මාධ්‍ය නිදහස වඩාත් තර්ජනයකට ලක්ව තිබේ. එහි වාර්ෂික මාධ්‍ය නිදහස පිළිබද දර්ශකය පවසන්නේ, සංඛ්‍යාත්මකව වැඩි වන රජයන් සංඛ්‍යාවක් මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමට අපොහොසත් වී ඇති බැවින්, ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත් රටවලින් 75%ක මාධ්‍ය සඳහා ඇති පරිසරය "නරක" බවය.
ලෝකයේ බොහෝ රටවල දැඩි වාරණයක් පවතින අවස්ථාවක, මාධ්‍යවේදියෙකු වීමේ ගැටුම්කාරී සහ ඇතැම් විට මාරාන්තික රැකියාව පිළිබිඹු කරන එක්සත් ජාතීන්ගේ ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දිනය සනිටුහන් කිරීම සඳහා මෙම දර්ශකය වාර්ෂිකව නිකුත් කෙරේ.
මෙම වීඩියෝවෙන් අපි ලොව පුරා මාධ්‍ය නිදහස සඳහා තර්ජන එල්ල කරන සාධක හතරක් පැහැදිලි කරන්නෙමු: ඒ, ගැටුම්, තාක්ෂණය, අධිකාරීවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පරිහානිය යි.