ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය : 'එදා අපිව උසිගන්නපු රනිල් අද EPF එක කොල්ල කන්න හදනවා'
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියේ දී සේවක අර්ථ සාධක අරමුදලේ තැන්පතු සඳහා ගෙවන පොලිය අඩු කිරීමට සහ දේශීය සම්පත් විකිණීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව අද (අගෝස්තු 28) කොළඹ දී විරෝධතාවයක් පැවැත්වුණි.
ඒ සඳහා දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන නියෝජනය කරමින් පිරිස සහභාගී වී සිටියහ.
''එදා 2014 දී මහින්ද රාජපක්ෂගේ කාලේ EPF එක කොල්ල කන්න හදනකොට ජනතාව පාරට බස්සන්න අපිව උසිගන්නපු රනිල් වික්‍රමසිංහ අද EPF එක කොල්ල කන්න හදනවා'' යනුවෙන් මේ අවස්ථාවට එක වූ ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත පැවසුවේ ය.